චීනය ඉදිරියේ නැවෙන්න වෙයි !   චීන කුණු පොහොර සඳහා  ඩොලර් මිලියන 6.7ක් ගෙවන්න එකඟ වෙලා….

දැඩි විදේශ විනිමය අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රි ලංකාවට තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 6.7ක මුදලක් අහිමි වීමේ අනතුරකට   මුහුණ දී ඇත.

මේ බව අනාවරණය කරමින්  කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ   සන්ඩේ ටයිම්ස් පුවත්පතට සඳහන් කර ඇත්තේ ව්‍යාධිජනක හේතුවෙන් ප්‍රතික්ෂේපිත වූ මේ වනවිට මෙරට ආසන්නයට ගෙනවිත් ඇති කාබනික පොහොර තොගයේ වටිනාකමින් සියයට 75ක් ගෙවීමට රජයට සිදුව ඇති බවය.

මෙම පොහොර  ගැටලුව හෙතුවෙන් පළුදු වී ඇති රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවල හානිය අපට දැරිය නොහැකි බැවින් ශ්‍රි ලංකාවට මෙම පොහොර සඳහා ගෙවිය යුතු සමස්ත මුදල වන ඩොලර් මිලියන 8න් සියයට 75ක ප්‍රතිශතයක් ලෙස මෙම මුදල ගෙවීමට සිදුව ඇති බව  අමාත්‍ය අලුත්ගමගේ සන්ඩේ ටයිම්ස් පුවත් පත සමඟ ප්‍රකාශ කර  ඇත.


එසේම ඔහු පවසා ඇත්තේ මෙම පොහොර ලබා ගත් චීනයේ ක්වින්ඩාවෝ සීවින් බයෝ ටෙක් සමාගමෙන්ම අලුත් පොහොර තොගයක් ගෙන්වීමට සිදුව ඇති බවය.‍

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“අපි මේ පොහොර ටොන් එකක් මිලදී ගත්තේ ඇමෙරිකානු ඩොලර් 446කට. ඔවුන්ගේ නව මිල ගණන් අනුව එය ටොන් එකක් ඩොලර් 900ක්. ඒ නිසා අපට දැනට අත්සන් කර ඇති ගිවිසුම අවලංගු කිරීම තවත් පාඩුවකට හේතුවක්. චීන පොහොර සමාගම  මෙරටට පැමිණ ඇති නැව ආපසු රැගෙන ගොස් පරීක්ෂාවන්ගෙන් පසු අනුමත කළ පොහොර මෙරටට ගෙන්වීමට එකඟ වී තිබෙනවා. ඒ සඳහා අදාළ නැව් ගාස්තුවලින්ද අඩක් ගෙවීමට ශ්‍රි ලංකාව එකඟතාව පළ කර තිබෙනවා “ යයිද අමාතයවරයා තවදුරටත් සඳහන් කර ඇත.

Exit mobile version