චීනයේ 16+1, 14+1 වේ

මධ්‍යම හා නැගෙනහිර යුරෝපියානු රටවල්වල එකතුවෙන් නිර්මාණය වූ චීනයේ 16+1 වෙළෙඳ කණ්ඩායම්වලින් ඉවත් වෙන බව එස්තෝනියාව හා ලැට්වීයාව පසුගිය බ්‍රහස්පතින්දා නිවේදනය කරන ලදී. පසුගිය වසරේදී ලිතුවේනියාව මෙම කණ්ඩායමෙන් ඉවත් වූ අතර දැන් එය 14+1 ලෙස හැඳින්විය යුතු යැයි එරට මාධ්‍යය වාර්තා කරයි.

මෙම රටවල් දෙකේම විදේශ කටයුතු අමාත්‍යංශ වෙබ් අඩවිවල ඉවත් වීම සම්බන්ධයෙන් දක්නට ලැබුණේ එක සමාන ප්‍රකාශයන් ය. “කණ්ඩායමෙන් ඉවත් වුවත් චීනය සමඟ තවදුරටත් නිර්මාණාත්මක හා ප්‍රායෝගික සබඳතා පවත්වාගෙන යාමට අඛණ්ඩව උත්සාහ කරන්නෙමු. එලෙසම ද්විපාර්ශවික මෙන්ම අන්‍යෝන්‍ය ප්‍රතිලාභ මත ගොඩනැඟුණු යුරෝපා චීන සහයෝගීතාවේ සඳහන් අයුරින් ජාත්‍යන්තර නීතියට ගරු කිරීම, මානව හිමිකම් රැකීම ආදිය ද සුරකින්නෙමු..” ආදී වශයෙන් එම වෙබ් අඩවිවල සඳහන් කර තිබිණි.

මීට අමතරව ලැට්වියා විදේශ කටයුතු අමාත්‍යංශ වෙබ් අඩවියේ වැඩිදුරටත් සඳහන්ව තිබුණේ ‘මධ්‍යම හා නැගෙනහිර යුරෝපීය රටවල් හා චීනයේ සහයෝගීතා රාමුවට සහභාගී වීම නැවැත්වීමට තීරණය කරන ලදී..’ යනුවෙනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දශකයකට පෙරදී බීජිං නුවර දී 16+1 සංසදය ස්ථාපිත කරන ලද අතර 2019 දී ග්‍රීසිය එක් වීම හේතුවෙන් එහි නම 17+1 ලෙස වෙනස් විය. මෙම සංසදය රටවල්වල වෙළඳාම හා ආයෝජන වැඩි කිරීම සඳහා කටයුතු කළ අතර පසුව එහි අපේක්ෂාවන් ඉටු නොවන තත්ත්වයකට පත් ව ඇතැයි සඳහන් වේ.

Exit mobile version