චීනයේ ප්‍රදේශ බැංකු වංචාව විරෝධ පළකළ පිරිසට තර්ජන

චීනය ඉතිහාසයේ සිදුවූ විශාලතම මුල්‍ය වංචාවක් ලෙස සැලකෙන ග්‍රාමීය බැංකු විසින් ගිණුම් හිමියන්ගේ මුදල් තැප්නතු අත්හිටුවීම එරෙහිව චීන ජනතාව නැගටිමක් වාර්තා වේ.

ඒ අනුව මේවන විට මෙම ගිණුම් සහ තැන්පතු අතහිටුවීමට එරෙහිව චීන ජනතාව විශාල වශයෙන් විරෝධතා පැවැත්වීම තීරණය කර ඇත. මෙම විරෝධතා පසුගිය කාලයපුරාම වාර්තා විය.

මේවන විට චීනය තුල මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද අවාදනයක් දිනාගෙන ඇති මෙම විරෝධතාවන් පාලනය කිරීමට විවිධ පර්ශවයන් විසින් පහරදීම සිදුකරන බව විරෝධතාකරුවන් සඳහන් කරයි.


එහිදී ඉකුත් ඉරිදා සුදු පැහැති කමිස හැද පැමිණ පිරිසක් විරෝධාකරුවන්ට පහරදී ඇති බවටද වාර්තා වන අතර එහිදී විරෝධතා වහාම නවත්වන ලෙසටද බලපෑම් කර ඇති බවටද වාර්තාවේ.

පසුගිය මාසයේදී මෙම විරෝධතා වැලැක්වීමට චීන රජය විසින් කොරෝනා මර්ධන නීති යොදාගත් අතර එහිදී ජනතාවට රැස්වීමට බාදා පැණවීමට චීන බලධාරීන් පියවරගෙන තිබිණි.

මෙහිදී මෙම අසාධාරනය සම්බන්ධයෙන් හඬ නැගීම කරනු ලබන පුද්ගලයින්ට විවිධ තර්ජනය එල්ලවන බවද විරෝධා කරුවන් පවසිය. මෙහිදී විදෙස් මාධ්‍ය වෙත් අදහස් දැක්වීම කල විරෝධතාකරුවන් කිහිපදෙනෙකුටම චීන පොලිසිය විසින් තර්ජනය කර ඇති බවටද වාර්තවේ.

එහිදී විදෙස් මාධ්‍යවෙත් අදහස් දැක්වීම සම්බන්ධයෙන් විමසා ඇති බවත් ඉදිරියේදී එසේ නොකරන ලෙසත් එම පුද්ගලයින්ට පොලිසිය විසින් තර්ජනය කර ඇති බවද විරෝධතාකරුවන් පවසිය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


චින බලධාරන් විසින් මෙලෙස අත්හිටවු ඇති තැන්පතුවල වටිනාකම ප්‍රකාශ කර නොමැති අතර විරෝධතා කරුවන් පවසන අන්දමට එහි වටිනාකම යුවාන් බිලියනය ඉක්මවයි.

Exit mobile version