චීනයේ කොවිඩ් ඇපල් අයිපොන්වලටත් අපලයක් වෙයි

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඇපල් (අයිෆෝන්) Iphone 14 pro හා 14 pro max ජංගම දුරකථන සඳහා අධික ඉල්ලුමක් පැවතියත්, චීනයේ පිහිටි එකලස් කිරීමේ කම්හල තුළ කොවිඩ් 19 වෛරස තත්ත්වයේ පැතිරී යාම හේතුවෙන් දුරකථන නිෂ්පාදනය තාවකාලිකව අඩු කිරීමට තීරණය කළ බව ඇපල් සමාගම පවසයි.
ඇපල් නිෂ්පාදන නැව්ගත කිරීම ද අඩු කර ඇති බැවින් නත්තල් සාප්පු සවාරි සමයට පෙර iphone 14 දුරකථන නැව්ගත කිරීම්වලට ද එයින් බලපෑමක් සිදු වෙනු ඇතැයි ඇපල් සමාගම නිවේදනයක් මඟින් දැනුම් දෙයි. මේ හේතුවෙන් සිය ජංගම දුරකථනය ලබා ගැනීමට පාරිභෝගිකයන්ට සෑහෙන කාලයක් බලා සිටීමට සිදුවෙන බව ද ඔවුන් පවසයි.
ඇපල් සමාගමේ ප්‍රධාන සැපයුම්කරුවෙකු වන තායිවාන සමාගමක් වන ‘ෆොක්ස්කොන්’ (foxconn) සතු, මධ්‍යම චීනයේ පිහිටි ‘සෙන්ග්සෝ’ (Zhengzhou), ප්‍රෝ වර්ගයේ ජංගම දුරකථන එක්ලස් කිරීමේ විශාලතම කර්මාන්ත ශාලාවයි. එහි එක් සේවකෙයෙකුට කොවිඩ් රෝගය වැළඳී ඇති බව හඳුනාගැනීමෙන් පසු සේවකයින් 3000ක් නිරෝධායනය කර ඇති අතර කර්මාන්ත ශාලාව ද වසා දමා ඇත.
“සෑම සේවකයෙකුගේම සෞඛ්‍යය හා ආරක්ෂාව තහවුරු කර ගත් පසු නිෂ්පාදන මට්ටම සාමාන්‍යකරණය කර ගන්නා තුරු සැපයුම්කරුවන් සමඟ අපි සමීපව කටයුතු කරන්නෙමු..”
ඇපල් සමාගම සිය නිවේදනයෙන් පවසා ඇත.

Exit mobile version