චීනයේ එක් තීරයක් එක් මාවත් එකතැන පල්වෙන ලකුණු

Xi Jinping | shi jinping

චීනය සිය ගෝලීය බල ව්‍යාප්තිය තහවුරුකර ගැනීමට ආරම්භ කළ එක් තීරයක් එක් මාවතක් වැඩසටහන මේවන විට දැඩි අර්බුදයකට මුහුණදී ඇති බවට වාර්තාවේ.

මෙම වැඩසටහනට අනුව ආරම්භ කළ බොහොමයක් ව්‍යාපෘති මේවන විට අඩපණ වී ඇති තත්ත්වයක් මත චීනයේ සිය ගෝලීය බල පරාක්‍රමය මෙලෙස අතර මඟ නතරවී ඇති බවද විශේලේෂකයින් පෙන්වා දෙයි.

චීන ජනාධිපති ෂී ජින් පින් 2013 වර්ෂයේදී හදුන්වා දුන් මෙම වැඩසටහන යටතේ පැරණ සේදමාවත යලිත් ස්ථාපති කරමින් චීනය බලය වර්ධනය කර ගැනීම මූලික අරමුණ විය. එහිදී චිනය පාකිස්ථානය සිය වැඩසටහනේ ප්‍රධාන කොටස්කරුවෙක් බවට පත්කර ගනු ලැබීය.

ඒ අනුව චීනය විසින් පාකිස්ථානය සහ තවත් සංවර්ධනය වෙමින් පවතින රටවල් රැසක සිය ව්‍යාපෘති ආරම්භ කළේය. එම ව්‍යාපෘති අතරට යටිතන පහසුකම්, බලශක්ති ඇතුළු මහා පරිමාන ව්‍යාපෘථි රැසක් ඇතුලත් විය.


මෙම ව්‍යාපෘති රැසක්ම මේවන විට අතරමඟ නතරවී ඇති බවට වාර්තාවේ. එමෙන්ම තවත් ව්‍යාපෘති රැසක්ම දූෂණ වංචා හේතුවෙන් නවතා දමා හෝ ඉතා මන්දගාමීව සිදුවෙන බවද විශේලේෂකයින් පෙන්වා දෙයි.

මෙහිදී පාකිස්ථානය සහ චීනය ඇති කරගත් චීන පාකිස්ථාන ආර්ථික කොරිඩෝව මගින් ආර්ම්භ කළ ව්‍යාපෘති රැසකට දැඩි විවේචන එල්ල වී ඇති අතර ඊට එම ව්‍යාපෘති වලින් කිසිඳු ආර්ථික ප්‍රතිලාභයක් අත් නොවීමද ප්‍රධාන හේතුවක් වී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර මෙම චීන ව්‍යාපෘති හේතුවෙන් රාටල් රැසක් දැඩි ණය උගුලකට හසුවී ඇති අතරම චීන ව්‍යාපෘති වල පවතින ආසර්ථක බවද මේවන විට සානථ වීම මීට හේතුවක්ව ඇත.

Exit mobile version