චීනයෙන් පිලිපිනයට දැඩි බලපෑම්

china piliphine

චීනය විසින් බටහිර පිලිපීන මුහුදේ සුවිශේෂී ආර්ථික කලාපය තහවුරු කරන ලද සහ සමස්ත දකුණු චීන මුහුදේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් හේග් නුවර පිහිටි ස්ථිර බේරුම්කරණ අධිකරණය 2016 වර්ෂයේ ජූලි 12 වැනිදා ලබාදුන් තීන්දුව දිගින් දිගටමම නොසලකා හරිමින් කටයුතු කරමින් සිටින බවට අනාවරණය වේ .

ඒ අනුව පිලිපීන ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාකෝස් ජනවාරි 3 සිට 5 දක්වා චීනයට කළ රාජ්‍ය සංචාරය අතරතුරදී චීන ජනාධිපති ෂී ජින්පින් සමග මතභේදයට තුඩු දුන් ප්‍රදේශයන් හී තෙල් සහ ගෑස් සම්පත් සම්බන්යෙන් සොයා බැලීමට ඒකාබද්ධ වැඩපිලිවෙලක් සඳහා යෝජනා කරනු ලැබීය.

එහිදී පිලිපීනයේ විදේශ කටයුතු දෙපාර්තමේන්තුව සහ චීනයේ විදේශ කටයුතු අමාත්‍යාංශය අතර සමුද්‍රීය ගැටළු සම්බන්ධයෙන් සන්නිවේදන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙලකට පිලිපීනය සහ චීනය එකඟ විය. මෙම ද්විපාර්ශ්වික රැස්වීමේ ප්‍රතිඵලයක් ලෙස පිලිපීනයට මතභේදයට තුඩු දී ඇති සමුද්‍රීය කලාපයෙහි ධීවර සහයෝගීතා ගිවිසුමක් ඇති කර ගැනීමට චීන රජයෙන් යෝජනාවක් ලැබී තිබිණි.


පිලිපීනයේ හිටපු ජාතික ආරක්ෂක උපදේශක ක්ලැරිටා කාලෝස් පවසන පරිදි, මහජනතාව නොදන්නා තවත් බොහෝ මට්ටම් සහයෝගිතා සිදුවෙමින් පවතී අනර එහිදී පිලිපීන වෙරළාරක්ෂක බලකාය සහ චීන වෙරළාරක්ෂක බලකාය අතර, දකුණු චීන සම්බන්ධයෙන් වූ හි ගැටුම් වළක්වා ගැනීම සඳහා දෙරට යම් එකඟතාවයකට පැමිණීමට උත්සාහ කරන බවද ඇය පැවසුවාය.

මෙහිදී බටහිර පිලිපීන මුහුද වෙත චීනය ඇතුළු වීමත් සමඟ ඔවුන්ගේ ජීවනෝපායට තර්ජනයක් වන බව වටහා ගත් ධීවර ජන කණ්ඩායමක් වන එම මුහුදු කාළාපය ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂක සැලසුම් සකස් කරන ලෙස අලුතින් පත් කරන ලද ජාතික ආරක්ෂක උපදේශක වෙත ආයාචනා කර ඇත. .

බටහිර පිලිපීන මුහුද තෙල් හා ස්වාභාවික වායු විශාල සංචිත තබා ඇතැයි විශ්වාස කෙරේ. ඒ අනුව මෙම කාළාපයේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවී ඇති අතර එහිදී චීනය විසින් තමන්ට අයත් බවට පවසන දකුණු චීන මුහුදේ චීන ක්‍රියාකාරකම් වල වර්ධනයක්ද දක්නට ලැබෙන බවට වාර්තාවේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම තත්ත්වයත් සමඟ පිලිපිනයට ඉදිරියේදී පිලිපීනයට ඉදිරියේදී චීනයේ දැඩි බලපෑමක් එල්ලවීමට හැකියවක් පවතින අතර එහිදී චීනය සතු ලොව විශාලතම නාවික හමුදාවෙන් මිදීම විශාල අභියෝගයක් වනු ඇත.

Exit mobile version