චින්නුන්ට වතුර දෙන්න ලෝක උරුමයක විශ්වීය වටිනාකම විනාශ කරන්න එපා…

රටම රවට්ටලා ලංකාගමට පාර හැදුවෙ මෙන්න මේ චීන ජල ව්‍යාපෘතියට... ආනන්ද සාගර හිමියෝ පවසති.

සිංහරාජය අතරින් ලංකාගමට පාරක් හැදුවේ ලංකාගම අහිංසක ජනතාවට සහන සැපයීමට නොව සිංහරාජය වනසමින් කෙරෙන චීන ජල ව්‍යාපෘතියේ කටයුතු වෙනුවෙන් බව  දැයි දැන් හෙළි වී ඇතැයි සුරකිමු ලංකා ව්‍යාපාරයේ සභාපති පාහියන්ගල ආරණ්‍ය සේනාධිපති පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ පවසති.

ලෝක උරුම සිංහරාජ කැලෑ මායිමේ නිර්මාණය කරන මේ වැව් දෙක නිසා මුලින්ම සිදුවන්නේ පාරක් ඉල්ලා උද්ඝෝෂණය කළ අහිංසක මිනිස්සුන් ජීවත්වන පිටදෙනිය ගමම යටවී යෑම බව උන්වහන්සේ කීහ. සිංහරාජයේ හෙක්ටරයාර ගණනාවක් යට කර නිර්මාණය කරන මේ ජල යෝජනා ක්‍රමය නිසා සිදුවිය හැකි බිහිසුණුම අනතුර සිංහරාජය ලෝක උරුම වටිනාකමින් පහත වැටීම බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ.

“මෙම ව්‍යාපෘතියට තවම මධ්‍යම පරිසර අධිකාරියෙ අවසර අරගෙන නෑ, හානි ඇගයුම් වාර්තා කැඳවලා නෑ.   කිසිම පාරිසරික වාර්තාවක් නෑ. ඒත් ව්‍යාපෘතියෙ කටයුතු කරනවා.  ව්‍යාපෘතිය කරන්න ස්ථාන     පහක් නම් කරනවා. චීන සල්ලිවලට යටවෙලයි මේ අති දැවැන්ත පාරිසරික විනාශයක් වෙන්නේ. “


මේ වැව් දෙක හැදීමේ මුඛ්‍ය පරමාර්ථය  අක්කර 15000ක් ගත්තු චීන්නුන්ගෙ කර්මාන්ත පුරයට වතුර ලබා දීම. ඒ සඳහා  පිට දෙනිය, කොටපොල, නිල්වලා ගඟ හරස් කරලා, තැන් දෙකකින් ගිං ගඟ හරස් කරලා   වතුර වානක් අරන් යනවා භූගත නල ඔස්සේ හම්බන්තොටට.  ඒ ව්‍යාපෘතිය ඇතුළෙම තියනවා…. ගොවීන්ට නෙමෙයි  වතුර ගෙනියන්නෙ කියලා.

“චීන්නුන්ට වතුර ගෙනියන එක නෙමෙයි ප්‍රශ්නය.  ලෝක උරුම සිංහරාජය ජලයෙන් යට කරලා තමයි මේ වතුර පාර ගෙනියන්න හදන්නේ.  මේ ක්‍රිකාකරකම් කළොත් සිංහරාජය ලෝක උරුමයෙන් අයින් වීමේ අවදානම මතුවෙනවා.“

“අපි දැක්කා පහුගිය කාලෙ ලංකාගම පාර  කපනකොට අහිංසක මිනිස්සුන්ට පාරක් හදනවා කියලා හදිස්සියෙ ජනාධිපතිවරයත් ගියා නිරීක්ෂණ කටයුතුවලට.    නිල්වලා ගඟ ජල විදුලි යෝජනා ක්‍රමය පෙන්වලා තමයි මේ සියල්ල සිද්ධ කළේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


චීන සල්ලිවලට යටවෙලා මේ අති දැවැන්ත පාරිසරික විනාශය කරන්න එපා“ යැයි උන්වහන්සේ වැඩිදුරටත් කීහ.

Exit mobile version