චාවකච්චේරි නගරසභාවේ හිටපු සභාපති කොවිඩ් ආසාදිතව මිය යයි!

දිනසේන රතුගමගේ –

යාපනය  චාවාකච්චේරී නගර සභාවේ හිටපු සභාපති ඊ.දේවසහායගම් පිල්ලේ   කොරෝනා රෝගයට ලක්ව සිට ඊයේ  (13 ) මියගොස් තිබේ.

දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් චාවකච්චේරී නගර සභාවට තේරී පත් වූ දේවසහායගම්  මියයන විට 61 වෙනි වියේ පසුවිය.

හදිසි අසනීප තත්ත්වයක් මත හිටපු සභාපතිවරයා යාපනය චාවකච්චේරී රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඔහු කොරෝනා ආසාදිතයෙකු බවට හඳුණාගෙන ඇති අතර ඒ සඳහා ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


චාවකච්චේරී නගර සභාවේ හිටපු සභාපතිවරයාගේ අවසන් කටයුතු අද (14) යාපනයේ පොම්මාවේලී ආදාහනාගාරයේදී නිරෝධායන නීතිවලට අනුව සිදු කිරීමට නියමිතය.

Exit mobile version