චමුදිතට එරෙහි පරීක්ෂණයට අණ ආවේ හමුදාවේ ඉහළ තැනකින්

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මාධ්‍යව්දී චමුදිත සමරවිතුම මහතාට පොලිස්පතිවරයාගේ උපදෙස් මත කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ආරම්භ කරන ලද විමර්ෂණය යුධ හමුදාවේ ඉහළ නිලධාරියකුගේ ඉල්ලීමක් මත ඇරඹුණු එකක් බව ආරංචි මාර්ග සඳහන් කරයි. සමරවික්‍රම මහතා විසින් ඉදිරිපත් කරනු ලබන උදෑසන රූපවාහිනි වැඩසටහනකදී යුද හමුදාව සම්බන්ධයෙන් දක්වන ලද අදහස් මත මෙම විමර්ෂණ ආරම්භ වී ඇති බව එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි.

මේ අනුව පසුගියදා චමුදිත සමරවික්‍රම මහතා දෙමටගොඩ පිහිටි කොළඹ අපරාධ කොට්ඨාසයට ගොස් ඇති අතර ඔහු ට මෙම ප්‍රකාශය ලබා ගන්නේ කවර කාරණයකට යන්න පෙර දැනුම් දීමක් සිදුකර නැත. ඔහු අපරාධ කොට්ඨාසයට ගිය අවස්ථාවේ දී තමන් එහි කැඳවා ඇත්තේ රූපවාහිනි නාළිකාවක ප්‍රචාරය වූ වැඩසටහනක් සම්බන්ධයෙන් බවට දැන ගැනීමෙන් පසුව ඔහු මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට කල් ඉල්ලා ඇත.

එහිදී තමන්ට ඊට අදාළ වාර්තා, වැඩ සටහනනේ සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන ඇතුළු අදාළ දුව්‍ය යළි පරිශීලනය කළ යුතු බවත් මේ සම්බන්ධයෙන් රූපවාහිනි නාළිකාවේ ප්‍රධානීන් දැනුවත් කළ යුතු බවත් ඔහු දැනුම් දීමෙන් ඔහු ඒ සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා ඇත.ඒ අනුව සමරවික්‍රම මහතා යළි අපරාධ කොටඨාසය හමුවේ පෙනී සිටීමට නියමිත ව ඇත.

මෙම විමර්ශෂණය පොලිස්පතිවරයාගේ නියමය පරිදි සිදු කරන ලද බවට කලින් ප්‍රචාරය වුවද එම විමර්ෂණයට හේතු වී ඇත්තේ හිරු ටීවී පත්තරේ විස්තරේ වැඩසටහනේ යුද හමුදාව සම්බන්ධයෙන් කළ පුකාශයක් පිළිබඳව එහිදි කරුණු විමසන ලෙස හමුදාවේ ඉහළ ම පෙලේ නිලධාරියකු පොලිස්පතිවරයාගෙනකරන ලද ඉලල්ීමකට අනුව බව වාර්තා වේ

Exit mobile version