චන්ද්‍රිකාට දුන් වාහන සියල්ල යළි දීමට සැරසෙයි

බෙන්ස් එකක් ඇතුළු වාහන 04ක් දැනටමත් යවලා

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය තමන්ට රජයෙන් ලබා දුන් සියලුම වාහන යළි ලබා දීමට සූදානම් බව වාර්තා වේ.

ඇය වෙනුවෙන් රජයේ වාහන 12ක් වෙන් කර ඇති අතර මේ වනවිට එයින් 04ක් රජයට භාර දි ඇති අතර ඉතිරි වාහන 08ද හැකි ඉක්මනින් යලි ලබා දිමට කටයුතු කරන බව ඇය ජනාධිපති ලේකම් කාර්යාලයට දන්වා ඇත.

ඇය මෙම පියවර ගෙන ඇත්තේ කොවිඩ්-19 වසංගතය හමුවේ රජයේ වියදම් අඩු කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස සියලුම පාර්ශ්වයන්ට ජනාධිපති ලේකම්වරයා විසින් කරන ලද ඉල්ලීමට අනුවය.


ඒ අනුව ඇයට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලබා දී ඇති වාහන නවයෙන් තුනක් සහ පොලිස් දෙපාර්තමේනතුවෙන් ලබා දී ඇති වාහන තුනෙන් එකක් මේ වනවිට ආපසු භාර දී ඇත.

මෙසේ භාරදුන් වාහන අතර මර්සිඩිස් බෙන්ස් S600 සුඛෝපභෝගී මෝටර් රථයක් නිසාන් පැට්‍රල් ජීප් රථයක්, මහින්ද්‍රා කැබ් රථයක් සහ පොලිසියට අයත් ටොයොටා ලෑන්ඩ් කෘෂර් ජීප් රථයක් අයත් වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වුවද ජනාධිපති ලේක්ම් කාර්යාලයට යොමු කළ වාහන තුනෙන් මහින්ද්‍රා කැබ් රථය සහ නිසාන් පැට්‍රල් ජීප් රථයේ බඳ කොටසේ අලුත්වැඩියාවක් පවතින අතර එය සිදු කිරීමෙන් පසු පමණක් යළි භාරගත හැකි බව ජනාධිපති කාර්යාල නිලධාරීන් දන්වා ඇති අතර මෙම වාහනවලට පූර්ණ රක්ෂණාවරණයක් පවතින බැවන් එය ජනාධිපති කාර්යාලටද අලුත්වැඩියා කර ගත හැකි වුවද ඇය එම වාහන අලුත්වැඩියා කොට ලබාදීමට කැමති වූ බවද සඳහන් වේ.

Exit mobile version