ගෝල්ෆේස් අරගල භූමියට පැමිණ ප්‍රකාශයක් කළ පොලිස් නිලධාරියාට දැඩි දඬුවම්!…

අද දින දහවල් කාලයේ    ගෝල්ෆේස් අරගල භූමියට පැමිණ ප්‍රකාශයක් කළ පොලිස් නිලධාරියා දූෂිත නිලධාරියෙක් බව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

ඔහු විෂමචාර ක්‍රියා නිසා වැඩ තහනමට ලක්වූ සැරයෙන් වරයෙක් බව ද එම නිවේදනයේ දැක්වේ.

අතිශය සානුකම්පික හේතුන් මත සේවයේ පිහිටවූ ඔහු සිරිපාගම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරද්දී අනවසරයෙන් පොලිස් ස්ථානයෙන් පිටවී ගොස් ගාලුමුවදොරට පැමිණ ඇති බවත් එසේ පැමිණීම බරපතල විනය විරෝධී ක්‍රියාවක් බවත් ඔහු  උපරිම දණ්ඩනයට යටත් කරන බවත් එමනිවේදනයේ දැක්වේ.


පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනය මෙසේය.

කියවන්න…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අරගල බිමේ අවදි වූ හෘදය සාක්ෂිය…

Exit mobile version