ගෝඨා පාර්ලිමේන්තු එනවා නම් සීතා මන්ත්‍රී ධූරය පූජා කරන්නට සූදානමින්…!

Sitha-Gota

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා යළි දේශපාලනයට පැමිණෙන්නේ නම් ඔහුගේ පාර්ලිමේන්තු ප්‍රවේශය වෙනුවෙන්  සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී සීතා අරඹෙපොල  ඉදිරිපත් වී ඇතැයි පොදුජන එක්සත් පෙරමුණේ අභ්‍යන්තර ආරංචි මාර්ග  පවසයි.

විශේෂඥ වෛද්‍යවරියක වූ සීතා අරඹෙපොල වියත්මග සාමාජිකාවක ලෙස   පාර්ලිමේන්තුවට පැමිණ රාජ්‍ය අමාත්‍ය ධූරයක් ද හෙබෙවූවාය.

පොදුපෙරමුණේ කණ්ඩායමක් ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා යළි දේශපාලනයට ගෙන්වා ගැනීමට කරන යෝජනාවේ දී ඔහුට පාර්ලිමේන්තු පැමිණීම සඳහා අවකාශය සකස් කර දීමට සීතා අරඹෙපොල මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට එකඟතාවය පල කර ඇත.

මේ පිරිස ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරය යළි පාර්ලිමේන්තුවට ගෙන්වා අනතුරුව අග්‍රාමාත්‍ය තනතුර ලබා දීම දක්වා සැලසුම් ඉදිරිපත් කර තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහෙත් පොහොට්ටුවේ බහුතරයක් මෙන්ම රාජපක්ෂ පවුලේ කණ්ඩායම ද ගෝඨාභය රාජපක්ෂ යලි දේශපාලනයට පැමිණීමට එරෙහි වී ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

Exit mobile version