‘ගෝඨා ගෝ’ ගමෙන් රනිල්ගේ ආණ්ඩුවට යෝජනාවලියක්!

Crowds at Galle Face - Gota Go Gama

සීමිත කාලයක් සඳහා අන්තර්වාර පාලනය ක්‍රියාත්මක කළ යුතු අතර එහි අමාත්‍ය මණ්ඩලය උපරිම 15 දෙනෙකුට සීමා විය යුතු බව ගෝල්ෆේස් අරගලයේ තරුණ සංවිධාන සඳහන් කරයි.

ඔවුන් මේ බව පැවසුවේ අලුත් සමාජ සම්මුතියක් ඇති කර ගැනීම සඳහා නව රජයට යෝජනා මාලාවක් ඉදිරිපත් කරමිනි. දින 32කට වැඩි කාලයක් තරුණ සංවිධාන එක්ව සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම පොදු එකඟත්වයකට පැමිණි බව ඔවුන් පැවසීය.

මෙහිදී ඔවුන් ඉදිරිපත් කළ මූලික යෝජනා 8 ඇතුළු යෝජනා අතර ජනාධිපති ප්‍රමුඛ රාජපක්ෂ රෙජිමය නිල වශයෙන් ඉවත් විය යුතුය, මහජන නියෝජිතයින්ගේ වරප්‍රසාද කප්පුදා කළ යුතුය, දූෂණ වංචා අපරාධ චෝදනා ලෑබු කිසිවෙකුට ඇමැති තනතුරු නොදිය යුතුය, අත්‍යාවශ්‍ය ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් කිරීම, විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සඳහා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය කළ යුතුය, විවිධත්වය නිසා ජනතාව පීඩාවට ලක් නොවීමට පුළුල් ප්‍රතිසංස්කරණයක් කළ යුතුය, සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය වැඩි දියුණු කිරීමට පුරවැසි සභා ක්‍රමයක් යෝජනා කළ යුතුයි අර්බුද කළමණාකරණය හා ජීවත් වීමේ අයිතිය ලබා දිය යුතුයි’ ආදි කරුණු පෙළක් විය.


‘ගෝඨා ගෝ හෝම්’ යන පාඨයට එහා ගිය යෝජනා හා ඉල්ලීම් මාලාවක් තමන් සතු වූ බවත් මේ යෝජනාවලිය සමාජගත කරමින් එම ඉල්ලීම් රජයට ඉදිරිපත් කරන බවත් සංවිධානවල තරුණ තරුණියන් මාධ්‍ය හමුවේ පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ සිය ප්‍රධාන අරමුණ වන ‘ගෝඨා ගෝ හෝම්’ ඉෂ්ට වෙන තුරු සිය සටන අත නොහරින බවයි.

Exit mobile version