ගෝඨා ඉන්න තායිලන්තයේ ස්ථාන 17ක පිපිරීම් සහ ගිනි ගැනීම් වාර්තා වෙයි….

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ වටවිට රැදී සිටින තායිලන්තයේ පිරීම් මාලාවක් සිදුවී තිබේ.

රොයිටර් පුවත් සේවය වාර්තා කළේ  අද (17)  දකුණු තායිලන්තයේ අවම වශයෙන් ස්ථාන 17 ක පිපිරීම් සහ ගිනිගැනීම් මාලාවක් ඇතිවූ බවය.

ඉන්, පුද්ගලයන් හත් දෙනෙකුට තුවාල සිදු වී ඇත.

බෝම්බ ප්‍රහාර සහ ගිනි තැබීම්  අද (17) මධ්‍යම රාත්‍රියෙන් පසුව සිදු අතර, පොලිස් සහ හමුදා ප්‍රකාශයන්ට අනුව, පළාත් තුනක් පුරා  ඇති  වෙළඳසැල් සහ ඉන්ධන පිරවුම්හලක් ඉලක්ක කරගෙන මෙම ප්‍රහාර එල්ල වී ඇත.


ප්‍රහාරවල  වගකීම මෙතෙක් කිසිවකු භාරගෙන නැත.

දකුණු දිග තායිලන්තයේ කලක පටන් යම් උණුසුම් කාරී තත්තවයක් පවතී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොරෝනා වසංගතය හේතුවෙන් වසර දෙකක විරාමයකින් පසු තායි රජය මේ වසර මුලදී ප්‍රධාන කැරලිකාර කණ්ඩායම වන බරිසන් රිවොලුසි නැෂනල් සමඟ සාකච්ඡා නැවත ආරම්භ කිරීමෙන් පසුව මෙම ප්‍රහාර එල්ල වීමද විශේෂත්වයකි.

Exit mobile version