ගෝඨාභයට දින 90ක් වීසා නැතිව ඉන්න තායිලන්තය අවසර දෙයි

ජනතා විරෝධය හමුවේ පළා ගිය හිටපු ජනාධිපති ගෝඨාබය රාජපක්ෂට තායිලන්තයට ඇතුළු වීමට අවසර දෙන ලෙස ශ්‍රි ලංකා රජය ඉල්ලීමක් කර ඇති බවත් එ අනුව ඔහුට වීසා රහිතව දින 90ක කාලයක් තායිලන්තයේ රැඳී සිටීමට අවසර ලබා දෙන බවත් තායි විදේශ අමාත්‍යංශ  ප්‍රකාශිකා ටානි සංග්‍රාත් පවසයි.

ඒ අනුව ඔහු හෙට (11) සිංගප්පූරුවේ සිට  තායිලන්තයේ බැංකොක් බලා යාමට නියමිත බව සඳහන් වේ.

ඇය පවසන්නේ හිටපු ජනාධිපතිවරයාට දේශපාලන රැකවරණය ලබා දීමක් සිදු නොවන බවයි.

දැනට රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් හිමි ජනාධිපතිවරයාට ආපසු යන පදනම මත මෙලෙස රැඳී සිටීමට ඉඩකඩ ලබා දී ඇති ව ඇය තවදුරටත් සඳහන් කර තිබේ.


මේ පිළිබඳව තායිලන්ත මාධ්‍ය වෙත සිය අදහස් දක්වා ඇති තායි විදේශ අමාතය දෝන් ප්‍රමුද්විනායි පවසා ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ගේ තායි ගමනට අවශ්‍ය පහසුකම් ශ්‍රි ලංකා රජය විසින් සම්පාදනය කරන බවයි.

ශ්‍රි ලංකා රජයේ ගෝඨාභය රාජපපක්ෂට හිතකර පාර්ශ්ව නියෝජනය කරන බැවන්  ඔවුන් එසේ කරන බව පවසා ඇති තායි විදේශ අමාත්‍යවරයා ගොඨාභය රාජපක්ෂ තායිලන්තයට පැමිණීමෙන් එරටට කිසිදු ගැටලුවක් ඇති නොවන බවද පවසා ඇත.

පසුගිය ජූලි මස 14 වැනිදා සිංගප්පූරුවට ගිය ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා තවත් දින 14ක් සඳහා සිය වීසා දීර්ඝ කර ගත් අතර ඔහුගේ  සිංගප්පුරුවේ රැදී සිටීමේ කාලය ලබන මස 14 වැනිදාට අවසන් විමට නියමිතව තිබිණ. ඒ අනුව ශ්‍රි ලංකා රජය තවදුරටත් ඔහුට සිංගප්පූරුවේ රැඳි සිටීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටි බවට වාර්තා වූ අතර ඒ පිළිබඳව සිංගප්පූරුවෙන් ලද ප්‍රතිචාරය පිළිබඳව වාර්තා වූයේ නැත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සෞදි අරාබියට යාමට උත්සාහ කළද එරට ඔටුන්න හිමි කුමරු මොහොමබඩ් බින් සල්මාන් ඊට විරෝධය පල කර ඇති බවද රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග පසුගියදා අනාවරණය කළේය.

Exit mobile version