ගේම් ගහන්න ඉඩ නොදී 21 ගෙනෙන්න…. අද අගමැති රනිල් හමුවූ පක්ෂ 10 දන්වයි…

Rania

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය ගෙනඒමේ දී ගේම් ගැසීමට ඉඩ නොතබා එම සංශෝධනය ගෙන එන ලෙස ආණ්ඩුවේ සිට ස්වාධීනව වූ පක්ෂ 10ක නියෝජිතයින් අද අගමැති රනිල් වික්‍රමසිංහය පවසා ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ව්‍යවස්ථාවේ 18 -19 වැනි සංශෝධනය ගෙන ඒමේ දී අවසන් මොහොත තෙක් සාකච්ඡා කර එකඟ වූ කරුණු බොහෝමයක් එම සංශෝධවලින් උපක්‍රමශීලීව ඉවත් කර තිබූ බව සිහිපත් කර ඇති ඔවුන් 21 වැනි සංශෝධනයට එවැනි ඉරණක් අත් නොවන ආකාරයට වග බලාගන්නා ලෙස ඉල්ලීමක් කර තිබේ.

අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ දී පැවති මෙම සාකච්ඡාවට විමල් වීරවංශ උදය ගම්මන්පිල ඇතුළු පක්ෂ 10 නායකයින් හා ක්‍රියාකාරීන් සහභාගී වී ඇත.

දේශපාලන පක්ෂ 10 දීර්ඝ ලෙස සාකච්ඡා කර ඉදිරිපත් කළ යෝජනා නව ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කර තිබෙනවා නම් ඒ සදහා පූර්ණ සහයෝගය දක්වන බවද මෙහිදී එම පක්ෂ ප්‍රකාශ කර තිබේ.

Exit mobile version