ගෙවුණු සති හතර මුල් මාස 06ට වඩා දරුණුයි WHO ලොක්කා කියයි

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්රෝස් ගේබ්‍රිෙය්සස්

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් 19 වසංගයේ මුල් මාස හයට වඩා ගත වූ සති 04 තුළ රෝගීන් විහාල වශයෙන් හමුවී ඇති බවත් මේ වනවිට ලෝකයේ බොහෝ රටවල දැඩි සත්කාර ඒකක සහ රෝහල් රෝගීන්ගෙන් පිරි ගොස් ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්රෝස් ගේබ්‍රිෙය්සස් පවසයි. ඊයේ මාධ්‍ය හමුවේදී මේ බව අනාවරණය කළ ලෝක සෞඛ්‍ය සංවිධාන අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ වනවිට අස්වැසිල්ලකට ඇති එකම සුබදායක පුවත රෝලයට එරෙහි එන්නත් පිළිබඳව බලාපොරොත්තුව වැඩි වීම වුවද එම එන්නත් පොදු භාවිතයට එන තෙක් නිසි සෞඛ්‍ය මඟ පෙන්වීම් අනුව කටයුත කිරීම සැමගේම දැඩි වගකීමක් විය යුතු බවය.

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ කොවිඩ් 19 තාක්ෂණික කණ්ඩායමේ ප්‍රධානී වෛද්‍ය මාරියා වෑන් කර්කොව් පැවසුවේ මේ වනවිට ලෝකයේ බොහෝ රටවල සිදු කරන එන්නත් අත්හදා බැලීම් සහ වෛරසයේ හැසිරීම පිළිබඳව පර්යේෂණ තුළින් වැදගත් ප්‍රතිඵල ලැබෙමින් පවතින බවයි. විශේෂයෙන් මේ වනවිට වෛරසය ශරීරගත වුණු පුද්ගලයන් තුළ ඇති වන රෝගයට එරෙහි ප්‍රතිශක්තිය පිළිබඳවද සැලකිය යුතු තොරතු ලැබී ඇති බව ඇය පෙන්වා දුන්නාය . බ්‍රිතාන්‍යෙය් සිදු කෙරුණු පර්යේෂණයකින් ලද ප්‍රතිඵල සිත්න්නා සුළු බව සඳහන් කළ වෛද්‍ය කර්කොව් පැවසුවේ කොවිඩ් 19 ආසාදිත පුද්ගලයන්ගේ ශරීරයේ මාස කිහිපයක් යන තෙක් එහි ප්‍රතිදේහ පවතින බැවින් ඔවුන් යළිත් වරක් ආසාදනයට ලක්වීමේ ඉඩක් නොමැති බවය. කෙසේ වුවද මේ සම්බන්ධයෙන් තවදුරටත් පර්යේෂණ සිදුවිය යුතු බවද ඇය අවධාරණය කළාය.

Exit mobile version