ගුවන් හමුදා මූලස්ථාන ඉඩම ගන්න ඕමානයෙන් උනන්දුවක්

කොළඹ ගුවන් හමුදා මූලස්ථානය පිහිටි දේපළ අත්පත් කරගෙන සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා ඕමාන රජයට සම්බන්ධ ආයෝජන සමාගමක් උනන්දුවක් දක්වා ඇති බව රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් ද සන්ඩේ ටයිමිස් පුවත් පත වාර්තා කරයි. මෙම ආයෝජන සමාගම නාගරික සංවර්ධන අධිකාරිය සතු, චාමර්ස් ධාන්‍යාගාරය පවතින ඉඩමේද ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට කැමැත්ත පළ කර ඇතැයි එම වාර්තාවේ සඳහන් වෙයි.

මේ වනවිටත් චාමර්ස් ධාන්‍යාගාර දේපළ මත ගොඩනැගීමට අපේක්ෂා කරන මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති සඳහා නිසි උනන්දුවක් දැක්වීමට කණ්ඩායමක් එවීමේ කැමැත්ත පකාශ කරමින් අදාල ඕමාන සමාගම මේ වනවිට නාගරික සංවර්ධන අධිකාරිය සමඟ බැඳීම් රහිත ගිවිසුමකට අත්සන් කර ඇත.

නාගරික සංවර්ධන අධිකාරිය මේ වනවිටත් සිය ඉඩම්වලින් බොහෝමයක් අවුරුදු 30 සිට 99 දක්වා ආයෝජකයින් සඳහා බදු දී ඇති අතර ක්‍රියාශීලීව ආයෝජන ද සොයයි. ඩී.ආර් විජවයවර්ධන මාවතේ බේරේ වැව ආශ්‍රිත ප්‍රදේශ සඳහා කටාර් රාජ්‍යෙය් ආයෝජකයක් පිරිසක් උන්නදුවක් දක්වා ඇති බවද නාගරික සංවර්ධන අධිකාරියේ බලධාරීන් පුවත් හමුවේ ප්‍රකාශ කොට ඇත.


රජය මේ වනවිට කොළඹ සඳහා ප්‍රධාන සැලැස්මක් සකස් කර ඇති අතර එමඟින් උරුමයන්, ප්‍රවාහන කේන්ද්‍රස්ථානය, මුල්‍ය නගරය සහ වාණිජ නගරය යන ප්‍රදේශ වෙන් කිරීමට අපේක්ෂා කෙරේ. ඉහළ, මධ්‍යම හා පහත් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති වැනි නිශ්චිත අරමුණු සඳහා රට පුරා ඉඩම් කොටස් හතලිස් දෙකක් ද හඳුනාගෙන ඇත; ආගන්තුක සත්කාරය සහ විවේකය; නේවාසික සහ කාර්යාල කුළුණු; තොරතුරු තාක්‍ෂණය පදනම් කරගත් සංවර්ධනය; සැපයුම් මධ්‍යස්ථානය සහ ව්‍යාපාර උද්‍යාන සංවර්ධනය; සහ බහු මහල් රථ ගාල්. බේරේ වැව දිය ඇල්ල සංවර්ධනය සඳහා බිම් කොටස් පහක් ලබා දීමේ අපේක්ෂාවන් ද ඇත.

බස්නාහිර පළාතේ ආයෝජන අවස්ථා සඳහා බදු දීමට ඇති දේපළ අතර බොරැල්ලේ වැලිකඩ බන්ධනාගාර ඉඩම, නාරාහේන්පිට පිහිටි ට්‍රැඅක්ටර් සංස්ථාව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ මිල්කෝ ඉඩම, ඩී ආර් විජේවර්ධන මාවතේ පිහිටි ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානය, සීඩබ්ලිව් මැකී පීඑල්සී, සතොස දේපළ දෙකක් සහ මහජන බැංකු පුහුණු මධ්‍යස්ථානය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර යූනියන් පෙදෙසේ විසුම්පාය ආගන්තුක සත්කාරය සහ විවේක ව්‍යාපෘතියක් සඳහා වෙන් කර ඇත. ටොරින්ටන් චතුරශ්‍රයේ 80 සමාජය, සහ කොළඹ ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවතේ ඉඩමක් නොරිස් කැනල් පාරේ සහ බත්තරමුල්ලේ දෙපළ කිහිපයක්ද මෙවැනි හවුල් ආයෝජන සඳහා මේ වනවිට වෙන් කොට ඇත. .

Exit mobile version