ගුරු විද්‍යාල විභාගය කල් යයි

මේ මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ ගුරු විද්‍යාල විභාගය කල් දමා තිබේ.

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසුවේ රටේ පවතින නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් මෙම විභාගය කල් දැමූ බවයි.

දැනට නියමිත දිනයක් ප්‍රකාශයට පත් කර නැතත්, නිරෝධායන ඇඳිරි නීතිය අවසන්වීමත් සමඟ විභාගය පැවැත්විය යුතු දිනය තීරණය කරන බව හෙතෙම කීය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගුරු විද්‍යාල විභාගය පැවැත්වීමට නියමිතව තිබුණේ ලබන 21 වැනිදායි.

Exit mobile version