ගුරු වැටුප් විෂමතා විසඳන්න අද කැබිනට් පත්‍රිකාවක්… අධ්‍යාපන ඇමති කියයි….

මේ ගැටලුව විසඳනවා.... කරුණාකරලා දරුවන්ගෙ අධ්‍යාපන කටයුතු පටන් ගන්න...

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වසර 24ක් තිස්සේ පවතින ගුරු වැටුප් විෂමතාව පිළිබඳ ගැටලුව ගැඹුරින් අධ්‍යයනයකොට සුබෝදිනී වාර්තාව ඉදිරිපත් වී ඇති බවත් අද සවස 05ට කැබිනට් මණ්ඩලය රැස්වෙනවිට මේ සම්බන්ධ කැබිනට් පත්‍රිකාවක් ද ඉදිරිපත් කිරීමට නියමිත බවත් අධ්‍යාපන ඇමති මහාචාර්ය ජී.එල් පීරිස් පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට පත්වීමෙන් අනතුරු ව එවකට සිටි අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ඇමතිවරයා විසින් මේ සම්බන්ධ ව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන ලද අතර තමා අධ්‍යාපන අමාත්‍යංශය භාර ගැනීමෙන් අනතුරු ව මේ සම්බන්ධ පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කිරීමට ‍අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 05කගෙන් සමන්විත කමිටුවක් පත් කළ බව ද තමන්ට ලැබී ඇත්තේ එම අවසන් වාර්තාව බවද ඇමතිවරයා පැහැදිලි කළේය.

ඇමතිවරයා මෙසේද පැවසීය.

“ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ගැටළුව විසඳීමට රජය තමන්ට හැකි සෑම උත්සාහයක් ම දරනවා… මේක අවුරුදු 24ක් තිස්සේ අතිශය සංවේදී ගැටලුවක්. ඩී.සී පෙරේරා වාර්තාවෙන් මෙම ගැටලුව සම්බන්ධ ව හෙළි කෙරිලා තියනවා. එමෙන්ම ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ‍ප්‍රකාශයේ ද මේ සම්බන්ධ ප්‍රමුඛතාව ලබා දී කටයුතු කරන බව සඳහන්කොට තිබෙන බව කිව යුතුයි.“

“අද කැබිනට් හමුවෙන් පස්සෙ හෙට උදෑසන (27) නැවත වතාවක් ගුරු වෘත්තීය සමිති සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට ද නියමිත යි. එබැවින් සිසු දරුවන් පීඩනයට පත් නොකර මාර්ගගත අධ්‍යාපනය අඛණ්ඩ ව ඉදිරියට ගෙනයන ලෙස මා ඉල්ලා සිටිනවා.

Exit mobile version