ගුරු අධ්‍යාපනඥයෝ අද සිට වැඩ වරති…

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව ස්ථාපිත කිරීමට අපේක්ෂිත ගුරු විශ්විද්‍යාලය පිහිටුවීම සඳහා වූ කැබිනට් යෝජනාව ක්‍රියාත්මක  වීම වළක්වමින් දියත් වී ඇති කුමන්ත්‍රණයට  එරෙහිව සමස්ථ ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය අද (02) සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.

ඒ අනුව අද (02) සිට

අද සිට ක්‍රියාත්මක කරන බව  සමස්ථ ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය නිවේදනය කරයි.


ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය විකෘති කරමින්, අධ්‍යාපන විද්‍යාපීඨවල පීඨාධිපතිවරුන්ගේ සහ කථිකාචාර්යවරුන්ගේ අදහස්වලට ඇහුම්කන් නොදී, අධ්‍යාපන ගුණාත්මක භාවය එළිපිටම ව්‍යසනයට ලක් කරන  ජාතික අධ්‍යාපන ආයතනයේ බලධාරීන්ගේ අදහස් පමණක් ලබා ගෙන අවසන් මොහොතේ ගන්නට උත්සාහ කරන ඒකපාර්ශවික තීරණ අවසානයේ බලපානු ඇත්තේ ජාතියේ අනාගතයට බව ඔවුහු පෙන්වා දෙති.

“ ගුරු විශ්විද්‍යාල පිහිටුවීම සම්බන්ධව මෙතෙක් ඇති වී තිබුණු සංවාද සහ අපේ ස්ථාවරය සම්බන්ධව දැනුම්වත් කරමින් අපි  වත්මන් අධ්‍යාපන ඇමති තුමාට ලිපි කීපයක් යොමු කළා.  ඒ වගේම සංගමයක් විදිහට   ගුරු අධ්‍යාපන විද්‍යාපීඨවල පීඨාධිපතිවරුන්ට  ඇමතිතුමා එක්ක සාකච්ඡාවක් ඉල්ලා සිටියා. මේ දක්වා ඒ අවස්ථාව අපට ලැබුණෙ නෑ. 2021.09.15 දා පෙ.ව.11.30ට  අධ්‍යාපන ඇමතිතුමා එක්ක මාර්ගගත සාකච්ඡාවක් කිරීමට අධ්‍යාපන විද්‍යාපීඨවල පීඨාධිපතිවරුන්ට අවස්ථාවක් ලබා දෙන බව කීවා. පීඨාධිපතිවරුන් පැය ගණනක් රස්තියාදු වෙමින් බලාගෙන හිටියා.  අවසානයේ දී සාකච්ඡාව අවලංගු කළා. අධ්‍යාපන ඇමති තුමා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශයෙ ඇමතිතුමා, ලේකම් උපාලි සේදර ඇතුළු කණ්ඩායමක් එක්ක සාකච්ඡා කළාලු.“

“අධ්‍යාපන ඇමතිවරු දෙදෙනෙක් එක්ක මෙතෙක් ගොඩනගාගෙන පැමිණ අවබෝධාත්මක සංවාදය මේ ඇමතිවරයා  සමග කරගෙන යන්න අපට බැරි වෙලා තියනවා. අපි මේ ඉල්ලා සිටින්නෙ ඉතාම වැදගත් ජාතික තීන්දුවක් පුද්ගලයෙකුගේ විකෘති අභිමතාර්ථ මත ගන්න එපා කියන කාරණාව.“

“අපි මේ රජයෙන් ඉල්ලා සිටින්නේ කිසිම ගුණාත්මකභාවයක් නැති ජාතික අධ්‍යාපන ආයතනයට විශ්විද්‍යාල තත්වය පිරිනමා අධ්‍යාපන විද්‍යාපීඨ ඊට අනුයුක්ත කිරීමෙන් ජාතික අධ්‍යාපනය අවතක්සේරු නොකර අධ්‍යාපන විද්‍යාපීඨ 19 එක්කර විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතේ ගුරු විශ්විද්‍යාලයක් ගොඩ නගන ලෙසයි. ඒක තමයි කැබිනට් මන්ඩලයෙනුත් යෝජනා වුනේ. ඒ යෝජනාවට තමයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් උපාලි සේදර දිගින් දිගටම විරුද්ධ වෙන්නෙ .“

“රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් කැබිනට් එකටත් උඩින් ගිහින් මේ විදිහට හැසිරෙන්නේ 2020.12.14 දා ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවෙන් විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ ගුරු විශ්වවිද්‍යාලයක් පිහිටවන බව ලිඛිතව දන්වා තිබිය දීයි. “

“මේ කුමන්ත්‍රණයට එරෙහිව අපි ඉතා දීර්ඝ කාලයක් සහේතුකව කරුණු දක්වමින් විරෝධතාවය පල කළා. දැන් එහි අවසන් අදියර. අපි අද සිට වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹුනා. ඉදිරියේ දී මේ සම්බන්ධව අපි මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා සියලු කුමන්ත්‍රණ රට හමුවේ හෙළි කරනවා. ජනාධිපති ලේකම් කාර්යාලය අසල නිහඬ විරෝධතාවයක් පවත්වනවා. එක් එක් අධ්‍යාපන විද්‍යාපීඨ කේන්ද්‍ර කරගනිමින් පළාත් වශයෙන් ශික්ෂණලාභීන්ගේ දෙමවුපියන් සහ සිවිල් සංවිධාන සම්බන්ධ කරගනිමින් විරෝධතා පවත්වනවා. අවසානයේ දී අපි අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරියේ උපවාසයක් කරනවා. “

“ අපි ඉල්ලන්නෙ එක දෙයයි. මේ පුද්ගලයෙකුගේ අභිමතාර්ථ උඩ රටක උසස් අධ්‍යාපනය හසුරුවන්න දෙන්න එපා. මේ රටේ කැබිනට් මණ්ඩලය විසින් ලිඛිතව ලබා දුන්න නිර්දේශය ක්‍රියාත්මක කරන්න.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සමස්ථ ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමයේ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.

Exit mobile version