ගුරුවරු හෙට සිට ඔන්ලයින් ඉගැන්වීම් වර්ජනය කරති…

on-strike

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සියලුම ගුරුවරුන් හෙට (12) සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ අධ්‍යාපනය ලබා දීමෙන් වැළකී සිටින බව විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමය, ජාතික ගුරු බලය, ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමය, ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ගුරු සංගමය, පොදු ගුරු වෘත්තිකයන්ගේ සංගමය, ගුරු පවුර ජාතික සංවිධානය ඇතුළු වෘත්තීය සමිති එකොහළක් ඒකාබද්ධව පිහිටුවා ගත් විදුගුර හඬ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.

අධ්‍යාපන පද්ධතිය දේශපාලනීකරණය හා මිලිටරිකරණය නැවැත්වීම, වෘත්තීය සමිති නායකයින් මර්ධනය නැවැත්වීම, පාසල් තුන්දහසක් වැසී යෑමට සැලසෙන ලෙස කරන කටයුතුවලට එරෙහි වීම, ස්වේච්ඡා කාර්යයක් වූ මාර්ගගත ක්‍රමයට කෙරෙන ඉගැන්වීම්වලට අතපෙවීම හෙළා දැකීම, අහිමිකළ ගුරු විදුහල්පති වැටුප් හා අයිතීන් නැවත ලබා ගැනීම යන කරුණු මුල් කරගෙන නැවත දැනුම් දෙනතුරු මාර්ගගත අධ්‍යාපනය ලබාදීමෙන් ගුරුවරු ඉවත් වන බව එම වෘත්තීය සංගම් නිවේදනය කරයි.

හෙට (12) සිට සියලු ආකාරයේ ඉගැන්වීම් හා අධීක්ෂණ කටයුතු නතර කරන බවත්, උසස් පෙළ ඉල්ලුම්පත්‍ර සම්පූර්ණ කිරීම හා හැඳුනුම්පත් අයදුම් කිරීම ඇතුළු රාජකාරි පිළිතුරුදීම්වලින් වැළකින බවත් මේ පිළිබඳව විදු ගුරු හඬ ව්‍යාපාරය අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු අනෙකුත් බළධාරීන්ට ලිඛිතව දැනුම් දී ඇතැයි එම ව්‍යාපාරය දන්වා සිටී.

Exit mobile version