ගුරුවරුන්ට ලිංගික අධ්‍යාපන පුහුණුවක්!

සිසුන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීමට අදාළව ගුරවරුන් පුහුණු කිරීමේ කටයුතු මේ වසරේ සිට ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

පෙර පාසලේ සිටම දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දිය යුතු බවට ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදය කර තිබෙන නිර්දේශයත් සමඟ අධ්‍යාපන අමාත්‍යාංශය මෙම තීරණය ගෙන තිබේ.

ලිංගික අධ්‍යාපනය ලබාදීමට අදාළව විෂය නිර්දේශ ඇතුළත් පොත් සකස් කළ හැකි වුවත් එම කරුණු සිසුන්ට ඉගැන්වීම සම්බන්ධයෙන් ගුරුවරුන්ට විශේෂ පුහුණුවක් ලබාදීමේ අවශ්‍යතාව සඳහා මූලිකව අමාත්‍යාංශයේ අවධානය යොමුකර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ මෙම වසරේ සිට උපාධි ප්‍රදානය කරන ආයතන බවට පරිවර්තනය කිරීමට අමාත්‍යාංශය උත්සාහ කරමින් සිටින අතර, ඒ අනුව විෂය මාලා සංශෝධනයක් ද සිදු කිරීමට නියමිත බව අමාත්‍යංශය සඳහන් කරයි.


Exit mobile version