බලාසිටින විට ගිලෙන පාකිස්ථානය

Pakisthan Financial Crisis

පාකිස්ථානය මේවන විට එරට ඉතිහාසයේ මුහුණ දුන් දරුණුතම ආර්ථික අභියෝගයට මුහුණ දෙමින් සිටින අතර ශ්‍රී ලංකාවට සමාන තත්ත්වයකට එරට පත්ව තිබේ.

ඒ අනුව පාකිස්ථානයටද මේනව විට එරටට අවශ්‍යකරනු ලබන අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය පවා ආනයනය කිරීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇති අතර මේවන විට දැඩි විදුලි කප්පාදුවකටද එරට මුහුණ දෙමින් සිටියි.

පාකිස්ථානය මෙම තත්ත්වයට පත්වීමට හේතු පාදක වූ කරුණු කිහිපයක්ම පවතින අතර එම තත්ත්වයන් කාලයක් පුරාවට එරට තුල ක්‍රියාත්මක විය. එහිදී පාකිස්ථානය විසින් සිය ගෝලීය පිහිටිම පදනම් කරගෙන ත්‍රස්ථවාදය අලෙවි කිරීමට පියවරගත් බවට බොහෝ විශ්ලේෂකයින් පෙන්වාදෙයි.


මෙහිදී පාකිස්ථාන හමුදාවන් ධනවත් සහ බලවත් පිරිසගේ අවශ්‍යතාවන්ට අනුව කටයුතු කළ බවත් එහිදී පාකිස්ථාන හමුදාවන් විසින් ව්‍යාජ යුධ ත්ත්වයන් ඇති කිරීමටද කටයුතු කළ බව බහුතර මතය වී තිබේ. එහිදී පාකිස්ථාන හමුදාවන් ඇෆ්ගනිස්ථානයේ ඇතිවූ යුධ තත්ත්වලට වගකිවයුතු කණ්ඩායම්ද පුහුණු කළ බවටද චෝදනා එල්ලවේ.

ඊට අතිරේකව ඉන්දියාවේ සහ බංගලාදේශයේ ක්‍රියාත්මක වූ ත්‍රස්ථකණ්ඩායම්ද පුහුණ කීරීම් පාකිස්ථානය තුල සිදුවූ බවට බොහෝ චෝදනා එල්ලවේ.

මෙම කුමණ තත්ත්යක් පැවතියද පාකිස්ථානය එම තත්ත්වයෙන් මුදා ගැනීමට ඇමරිකාව පසුගිය කාලයේදීම පියවරගෙන තිබිණි. එහිදී පාකිස්ථානයට අවශ්‍ය කරනු ලබන යුද සහය පවා ඇමරිකාවෙන් ලබාදීම සිදුවිය. මේවන විටත් පාකිස්ථානය භාවිතා කරන බහුතරයක් ප්‍රහාරක යානා ඇමරිකාවේ නිෂ්පාදිත වීම විශේෂත්වයකි.
එහිදී පාකිස්ථානය ගතවූ වසර 75 කාලය තුලදී අවස්ථා 22කදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගෙන ඇති අතර එය සෑම වසර තුනහමාරකට වරක් සිදුව තිබීමද විශේෂත්වයකි.

දරුණු ආර්ථික අභියෝග පැවතිදය ධනවත් සහ බලවත් පිරිස් ඉතා සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමට පුරුදුව සිටින අතර එය එරට බහුතර ජනතාවගේ ජීවන තත්ත්වයට හාත්පසින්ම වෙනස් තත්ත්වයකි.

මේ අතර 2002 වර්ෂයේ සිට ඇමරිකා එක්සත් ජනපදය විසින් පාකිස්ථාන හමුදාවන්ට අල් කයිඩා සංවිධානය සමඟ සටන් කිරීමට අධාර ලබාදීම සිදුකර ඇත. එහෙත් 2008 වර්ෂයේදී ද ගාඩියන් පුවත් පත කළ අනාවරණයට අනුව එම මුදල් වලින් සියයට 70ක් එනම් ඇමරිකානු ඩොලර් බිලියන 5.4ක් පාකිස්ථාන හමුදා ප්‍රධානීන් ඇතුලු ඉහළපෙලේ පිරිස් සිය පුද්ගලික භාවිතයට යොදාගෙන තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙවැනි අධික නාස්තිකාර සහ දූෂිත කටයුතු හේතුවෙන්ද චීනය සමඟ පවත්වගෙන ගිය අහිතකර ආර්ථික සම්බන්ධතාවය මෙම තත්ත්වයට ප්‍රධාන හේතුවක්ව තිබේ.

Exit mobile version