“අග්බෝ” යනු ගල්ගමුව ප්‍රදේශයේ ජිවත් වන දළ ඇතෙකි. පසුගිය කාල වකවානුව පුරාම වෙඩි පහරවල් නොතකමින් අග්බෝ කුඹුරු යායවල සැරිසැරුවේ කුස පුරවා ගැනීමට ය. නමුත් බඳින තුවක්කුවකට හසු වීම නිසා අග්බෝ දැන් ගිලන්ව සිටියි.
අග්බෝට ආහාර සපයාදීම අර්බුදයක් ව පවතින අතර තුර ගල්ගමුව මීගලෑව පදිංචි එස්.ජී සුදර්ශන සහ ටී.එම් ගුණරත්න බණ්ඩා යන ගොවි මහතුන් ඔවුන්ට අයත් කුඹුරු අක්කරයක ගොයම අග්බෝට ආහාර සඳහා වෙන්කර ඇත. එය ගිලන්ව සිටින අග්බෝට එය කදිම පොෂ්‍යදායි අහරක් වනු නිසැකය.
නියඟයෙන් බැට කමින් අස්වද්දාගත් කුඹුර හස්ති රාජයෙකුට පරිත්‍යාග කිරීමට තරම් උතුම් සද් ක්‍රියාවක නියැලුන ඒ ගොවිමහතුන් අගය කල යුතුය. එය විරල සිදුවීමකි.
බදින තුවක්කුවකට හසුවීමෙන් ඉදිරිපස වම් පාදයට දැඩි ලෙස තුවාල ලැබූ අග්බෝ හස්තියා ගේ සෞඛ්‍ය තත්ත්වය සුව අතට හැරෙමින් ඇති බව වනජීවී දෙපාර්තමේන්තුවේ සෞඛ්‍ය අධ්‍යක්ෂක පසු වෛද්‍ය තාරක ප්‍රසාද් පැවසුවේය.
ඔහු ලංකාසර වෙත තව දුරටත් කියා සිටියේ අග්බෝට ආහාර සපයා දීම අර්බුදයක් ව පැවති මෙවන් මොහොතක..මේ ගොවි මහතුන්ගේ පරිත්‍යාගය මිල කළ නොහැකි බවය