ගිලන් රථ රියදුරාට වෙඩි තබන්නට පැමිණි සැකකාර කුලී ඝාතකයන් අත්අඩංගුවට…

පානදුර මූලික රෝහලේ රාජකාරි කරන ගිලන්රථ රියදුරෙකු ඉලක්ක කර ගනිමින්   වෙඩි තැබීමට සම්බන්ධ  සැකකරුවන්  දෙදෙනා අද ( 12)  උදෑසන අනුරාධපුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට විමර්ශන කණ්ඩායම් සමත්  වී තිබේ.

ඔවුන් අත්අඩංගුවට ගනු ලබනනේ කළුතර අපරාධ කොට්ඨාසයේ විශේෂ විමර්ශන නිලධාරීන් විසිනි.

කරන ලද පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ  තිබෙන්නේ වෙඩි තැබීම සිදු කිරීමේ අරමුණින් යතුරුපැදි දෙකකින් සැකකරුවන් හතර (04) දෙනෙකු පැමිණ ඇති බවය. අත්අඩංගුවට ගන්නේ ඉන් හඳුනාගත් සැකකරුවන් දෙදෙනාය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙසේ අත්අඩංගුවට පත්වූයේ     නො. 198, ගැමුණු මාවත, වලාන, පානදුර ලිපිනයේ පදිංචි කදනආරච්චිගේ ප්‍රමෝද් සදකැලුම් (24)  සහ  52/1, පළමු පටුමග, හිරණ, පානදුර යන ලිපිනයේ පදිංචි  බැමිණහැන්දිගේ චමිදු සංකල පීරිස් (23) යන දෙදෙනාය.

Exit mobile version