ගිලන්රථය මග නවතා රියදුරා කන්න ගිහින්… උපස්ථායක ෂොපින් ගිහින්…

දිනසේන රතුගමගේ

යාපනයේ තෙලිප්පලෙයි රෝහලට අයත් ගිලන් රථයක රියදුරු හා උපස්ථායකයා රෝගීන් තුන් දෙනෙකු ගිලන්  රථයේ දමා පෞද්ගලික  කාර්යයන් සඳහා ගොස් පැයකට පමණ පසුව පැමිණීම සම්බන්ධයෙන් උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය ඊයේ ( 7 )  පරීක්ෂණ ආරම්හ කොට තිබේ.

පිරිමි රෝගියෙකු හා කාන්තා රෝගීන් දෙදෙනෙකු තෙලිප්පලෙයි රෝහලේ සිට යාපනය ශීක්ෂණ රෝහල වෙත රැගෙන යාම සඳහා ගිලන් රථයක් යොදවා ඇති අතර එහි රියදුරා අතර මග ගිලන් රථය නවතා දිවා ආහාරය ගැනීමට හෝටලයකට ගොස් තිබේ.

රියදුරු පැමිණීමට ප්‍රමාද වූ නිසා ගිලන් රථයේ සිටි උපස්ථායකයා බැංකුවට ගොස් මුදල් ලබා ගෙන  භාණ්ඩ මිලට ගැනීම සඳහා වෙළදසලකට ගොස් තිබේ.


රියදුරා පැමිණ බලන විට උපස්ථායකයා නොමැති නිසා ඔහු එනතුරු ගිලන් රථය මාර්ගයක් අසල නවතා පැයක පමණ කාලයක් රැඳී සිට තිබේ.

අධික අව් රශ්මිය නිසා පිරිමි රෝගියාට ගිලන් රථය තුළ සිටීමට නොහැකි බව පවසා ඔහු ආයාසයෙන් එළියට පැමිණ මාර්ගය අසල වූ ගසක් යටට යාමට උත්සහ කළ අවස්ථාවේදී ඔහු ක්ලාන්තව බිම ඇද  වැටී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මහමග ගිය පිරිසක් ඔහුව යළි ගිලන් රථයට පටවා සිද්ධිය සම්බන්ධයෙන් උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයට පැමිණිලි කොට තිබේ.

Exit mobile version