කොළඹ වරායට එපිට මුහුදේදී මුහුදුබත් වෙමින් පවතින ගින්නට හසුවූ එස්ක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තිබූ අනතුරුදායක බහලුම්වල (Dangerous cargo) පැවැති රසායන ද්‍රව්‍ය පිළිබඳව මේ වනවිට අනාවරණය වී ඇත.
ඒ අනුව මෙම නෞකාවේ පැවැති 1486ක් වන සමස්ත බහලුම් සංඛ්‍යාව අතර නයිට්‍රික් අම්ලය ප්‍රමාණය පමණක් මෙට්‍රික් ටොන් 25ක් ලෙස අනාවරණය වී ඇතත් එහි පැවති සෙසු රසායන ද්‍රව්‍ය කොපමණ තොගයක් පැවතියේද යන්න පිළිබඳව නිසි ලෙස අනාවරණය වී නැත.
මූලික විමර්ෂණවලට අනුව එහි පැවැති අනතුරුදායක ද්‍රව්‍ය ලෙස නයිට්‍රික් අම්ලයය ටොන් 25ට අමතරව මෙතනොල්, ඝන කෝස්ටික් සෝඩා, සුවඳ විලවුන් නිෂපාදන, ඖෂධ සහ කාර්මික නිෂ්පාදන අමුද්‍රව්‍යයක් වන සෝඩියම් මෙතොක්සයිඩ් ද්‍රාවණය සහ තීන්ත සහ ගම් වර්ග නිෂ්පාදනයේදී භාවිත වන විනයිල් ඇසිටේට් ඉන්හිබිටර් vinyl acetate inhibitor යන ද්‍රව්‍ය පැවති බව අනාවරණය වේ. මෙම නැවේ දේශීය නියෝජිතයා ලෙස කටයුතු කරන්නේ සී කොන්සෝටියම් ලංකා සමාගමයි.