නුරාධපුර – පර්සි කුරුනේරු –
ගිනි අවියක් පෙන්වා බිය ගන්වා රුපියල් ලක්ෂ පනස් හයක් වටිනා මැණික් ගල් තුනක් මංකොල්ලෑ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලොන්නරුව පොලීසියේ දිස්ත්රික් අපරාධ විමර්ශන කාර් යාංශයේ නිලධාරීන් විසින් රිපීටර් වර්ගයේ ගිනි අවියක් හා අත් විලංගුවක් සමග අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තිදෙනා ලබන මස 06 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පොලොන්නරුව අංක 02 මහේස්ත්රාත් අධිකරණය අද (25) නියෝග කළේය.
පොලොන්නරුව අරලගංවිල ප්රදේශයේ පදිංචි එච්.ඒ.නාමල් පුෂ්පකුමාර යන අය විසින් ඉකුත් ජුලි මස 04 වෙනි දින පොලොන්නරුව පොලිස් ස්ථානයේ දිස්ත්රික් අපරාධ විමර්ශන කාරයාංශය වෙත ඉදිරිපත් කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකින් පසු එම සැකකරුවන් ඊයේ (24) පෙරවරුවේ අරලගංවිල කජුවත්ත සහ මාදුරුඔය යන ප්රදේශවලදී අත් අඩංගුවට ගෙන තිබිණි .
අරලගංවිල වෙහෙරගල රුහුණුගම පදිංචි දෙහිඅත්තකණ්ඩිය හේනානිගල වනජීවී කාර්යාලයට අනුයුක්තව සේවයෙහි නියුතු වන සත්ව නියාමක වල්පොල කංකානමලාගේ තරිදු මධුසංඛ රත්නායක, දිඹුලාගල නවමිල්ලාන අංක 259 හි පදිංචි වන සත්ව අඩවි සහකාර ඉළුක්වත්තේ ගෙදර ප්රසන්න ගුණරත්න සහ අරලගංවිල වෙහෙරගල අංක 86 හි පදිංචි මාදුරුඔය වනජිවී කාර්යාලයට අනුයුක්තව සේවයෙහි නියුතු වන ක්ෂේත්ර සහායක පීටර් සිඥ්ඥෝ ඉන්දික දිනේෂ් කුමාර යන අය මෙසේ බන්ධනාගාරගත වී සිටිති.