ගිනි අවියක් සමඟ චීන ජාතිකයෙකු අත් අඩංගුවට

murder

පාකිස්ථානයේ කයිබර් පක්තුන්ක්වා ප්‍රාන්තයේ කොහාට් දිස්ත්‍රික්කයේ දී එරට පොලිසිය විසින් ගිනි අවියක් සන්ථකයේ තබාගෙන සිටි චීන ජාතිකයෙකු අත් අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව අදාල චීන ජාතිකයා බලප්‍රතයත් නොමැතිව පිස්තෝලයක් සහ එහි උණුඩ බහාලන කට්‍රිජයක් සන්තකයේ තබා ගැනීමට එරෙහිව අධිකරණය කරුණු ගොනු කිරීමට පාකිස්ථාන බලධාරීන් පියරගෙන ඇත. මෙහිදී අදාල චීන ජාතිකයා විසින් නිසි සංචාරක ලියකියවිලි ඉදිරිපත් කිරීමට අපහොසත් වී ඇති බවටද වාර්තා වේ. මේ අතර අදාල සැකකාර චීන ජාතිකයා ලි ෂිං ලී ලෙස හඳුනාගෙන ඇත.

පාකිස්ථාන පොලිසිය විසින් පවසන අන්දමට සැකාකර චීන ජාතිකයා මීට පෙරද අත් අඩංගුවට ගෙන ඇති පුද්ගලයෙකු බවයි. එහිදීද පිස්තොලයක් සන්තකයේ තබා ගැනීමට චෝදනා එල්ල වී තිබිණි. කෙසේ වෙතත් ඔහු යලිත් වරටක් ගිනි අවියක් අතැතිවය සිටින බවට වාර්තා වීමත් සමඟ එම ස්ථානයට ගිය පොලිසියට ඔහුව ගිනි අවිය සමඟ අත් අඩංගුවට ගැනීමට හැකියාව ලැබී තිබිනි.


ඉකුත් පාකිස්ථාන රජය විසින් චීනය සමඟ එක්තීරයක් එක් මාවතක් වැඩසටහන යටතේ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කෙරිණි. එහිදී එම ව්‍යාපෘති වල කටයුතු සඳහා චීන ජාතිකයින් විශාල පිරිසක් පාකිස්ථානයට පැමිණි අතර ඔවුන් විවිධ නීති විරෝධී කටයුතු වල නිතරවන බවට පසුගිය කාලය පුරාම වාර්තා විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම තත්ත්වය හේතුවෙන් අවස්ථා කීපයකදීම පාකිස්ථාන වැසියන් චින ජාතිකයින් සම්බන්ධයෙන් සිය විරෝධය පළකර අතර එහිදී චීන ජාතිකයින් සමඟ ගැටුම් ඇතිවීම්ද වාර්තාවිය.

Exit mobile version