ගිනිගත් නැවේ කපිතාන් සීඅයිඩී අත්අඩංගුවට

xpress pearl captain

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇති වූ සිද්ධියට අදාළව එහි කපිතාන්වරයා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ

අත්අඩංගුවට ගත් කපිතන්වරයා රුසියානු ජාතිකයෙකි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසුවේ ඔහු අද දින කොළඹ මහාධිකරණ අංක එක වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බවයි.


මහාධිකරණ අංක එක වෙත ඉදිරිපත් කරනු ලබන්නේ විශේෂයෙන්ම මහ මුහුදේ දී සිදුවන සිදුවීම් සම්බන්ධයෙන් වන නඩු විභාග බවත් එහි අනන්‍ය බලය පැවරී ඇත්තේ කොළඹ මහාධිකරණය වෙත බවත් නියෝජ්‍ය පොලිස්පති වරයා අවධාරණය කරයි .

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තවදුරටත් මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වයි.

Exit mobile version