ගිනිගත්හේනේ අබලන් නිවසක අවසන් කාලය ගෙවන අවුරුදු 109ක් වයස අම්මා…

මනන්රාළලාගේ ජේන් නෝනා අම්මා  ඉන්නේ ගිණිගත්හේන රම්පාදෙණියේය.  උන්දෑ ගැන ලිවිය යුතු විශේෂ කාරණාවක් තිබේ. ලබන මස විසිවැනි දා ජේන් නෝනා අම්මා සිය එකසිය නව වැනි ඡන්ම දිනය  සමරන්නීය.

උන්දෑ ඉපදී ඇත්තේ අරණායක ප්‍රදේශයේදීය. ඇය උපත ලබන්නේ වර්ෂ 1912 අගෝස්තු 20 මස දිනය.    තිබෙන මෙම දීර්ඝායුෂ ලද මව විවාහ දිවියට එළඹ ඇත්තේ වයස අවුරුදු 16 දීය.

“දැන් අම්මට  කතා කිරිමට ටිකක් අපහසුයි. එත් අම්මා  බොහොම නිරෝගීව ඉන්නවා.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඇයගේ දියණියක වන දයාවති අපට කීවාය. සැමියා මිය යාමෙන් පසු ඇය අරණායක සිට නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගිනිගත්හේන ප්‍රදේශයේ පදිංචියට පැමිණ ඇත.

ජේන් නෝනා අම්මා පුතුන් තිදෙනෙකුගේ සහ දියණියන් තිදෙනෙකුගේ මවකි. ඇගේ දරුවන් හය දෙනාම  ජීවතුන් අතරය.  වැඩිමහල් පුතාගේ වයස අවුරුදු 88 කි. වයස අවුරුදු 78 හා 75 ක් වන පුතුන් දෙදෙනෙකුද පිළිවෙළින් අවුරුදු 70, 67 හා  64 වයසේ පසුවන දියණියන් තිදෙනෙකුද ඇයට සිටී.

ජේන් නෝනා අම්මා දැනට පදිචිව සිටින්නේ ඇගේ සිව්වෙනි දියණිය සමඟය.

දැනට තමන් පදිංචිව සිටින නිවස දැඩි අබලන් තත්ත්වයේ පවතින බවත් පසුගිය දා මව නිදා සිටින කාමරය මතට නිවසේ බිත්ති කිහිපයක් කඩා වැටුණු නමුත් අගේ ජීවිතයට හානියක් නොවුණු බව දියණිය දයාවතී පැවසුවාය.


Exit mobile version