ගෑස්  මරණ තුනක්.. අනතුරු 500කට ආසන්නයි ගෑස් ලොක්කෝ “කූල් එකේ“ තවමත් වැඩ !

Gas-Blast

මේ වනවිට මරණ තුනක්  සහ  ගෑස් ආශ්‍රිත අනතුරු 500කට ආසන්න ප්‍රමාණයක් සිදුව තිබියදීත් ගෑස්වල ප්‍රමිතිය අත්තනෝමතිකව වෙනස් කොට දැඩි විනාශයක් සිදු කළ ගෑස් සමාගම්වලට එරෙහිව කිසිදු පියවරක් නොගැනීම ප්‍රශ්න සහගත බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන   සඳහන් කරයි.

මේ වනවිට වෙළෙඳපොළේ වැඩිම කොටස දරාගෙන සිටින රජයට අයත්  ලිට්රෝ ගෑස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙනස් කිරීම වැනි තීරණයත්වත්  ගැනීමට රජය පියවර ගෙන නොමැත්තේ මේ අපරාධය පසුපස සිටින බලපෑම් සහිත පුද්ගලයන් නිසා ද යන්න පිළිබඳව ඔහු ප්‍රශ්න කරයි.

“ලිට්රෝ වගේම ලාෆ් සමාගම් ගෑස්වල බියුටේන් ප්‍රොපේන් සංයුතිය වෙනස් කළේ  පසුගිය අප්‍රියෙල් මාසයේ . මෙහි පවතින අනතුරු දායක බව අපි දිගින් දිගටම කීවා . ඒවා සිදු කළ අය ගැනත් සඳහන් කළා. නමුත් මේ වනවතෙක් රජය ඔවුන් සම්බන්ධයෙන් කිසිදු පියවරක් අරන් නෑ. පාරිභෝගික අධිකාරිය විසින් නඩු දැම්ම කිව්වට ඒ පනත යටතේ ඔවුන්ට කටයුතු කළ හැක්කේ යම් සීමිත දුරක් පමණයි.


නමුත් මේක අපරාධයක්. මෙය ට අපරාධ නීතිය හමුවේ පියවර ගත යුතුයි. මේ අධ්‍යක්ෂවරුන්,  කළමනාකාරීත්වයේ අදාළ සිද්ධියට සම්බන්ධ අය අත්අඩංගුවට ගත යුතුයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නමුත් රජය විවිධ කමිටු දමමින් නියම කාරණය සැඟවීමට උත්සාහ දරන බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. මේ සිදුවුණු විනාශයන්ට ජීවිතවලට වගවීමක් යක්තිය ඉටු වීමක් තවමත් පෙනෙන්ට නැහැ.

Exit mobile version