ගෑස් බෙදීම අරඹයි… ජූලි 31 සිට ලබන ඔක්තොම්බර් තෙක් කිසිම  ගෑස් හිඟයක් නෑ – ලිට්‍රෝ සභාපති…  

රට තුළ  මේ වන විට පවතින ගෑස් හිඟයජ ජූලි 31 වන දින වන විට   මුළු මනින්ම නැති කිරීමට  හැකි වන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති   මුදිත පීරිස්   සඳහන් කරයි.

ගෑස් මෙට්ට්‍රික්ටොන්  3759තොගයක් මේ වන විට කෙලවරපිටිය අංගනයවෙත  ගොඩබෑම ආරම්භ කර ඇතැයිද සභාපතිවරයා  පැවසීය

ගෑස් මෙට්ට්‍රික් ටොන් 33000ක ගෑස් තොගයක් ගෙනඒම සඳහා මේ වන විටත් ගිවිසුම්ගත ව ඇති බැවින් ලබන ඔක්තෝම්බර් මාසය අවසාන වන තෙක්  හිඟයකින් තොරව ගෑස් බෙදා හැරීමට හැකි වනබව කීය.   

ලබන 16 වෙනිදා වන වට මෙට්ට්‍රික් ටොන් 3200ක  නැවක් ලඟා වීමට නියමිත අතර තවත්  ගෑස් මෙට්ට්‍රික් ටොන් 20000ක නැවක් මේ වන විට මාලදිවයින මුහුද ආසන්නයට පැමිණෙමින් තිබෙන බවද ඔහු  පැවසීය.


තවත්  නැව් 4කින්   ලබන 20 වෙනිදා සිට කෙරවලපිටියට ගෑස් නිකුත් කිරීමට කටයුතු කරන බවද ඔහු කීවේය.

අද දහල් 12න් පසුව කොලඹ ප්‍රදේශයට ගෑස් සිලින්ඩර් විසි දහසක්  – තිස් දහසක් අතර ප්‍රමාණයක්  බෙදා හරින අතර හෙට සිට එම ප්‍රමාණය එක් ලක්ෂ විසිදහස දක්වා වැඩිකරන බව ද  සභාපතිවරයා පවසයි.

‌මේ අනුව කොළඹ නගරය තුළ කි‌ලෝ ග්‍රෑම්  12.5 සිලින්ඩර් අසූ දහසක්ද කිලෝ ග්රෑම් 5 සිලින්ඩර විසි දහසක්  ද කිලො ග්‍රෑම් 2.3 සිලින්ඩර් 20000ක් ද වශයෙන් හෙට වෙළඳපලට  නිකුත් කරනු ඇත.

මෙසේ නිකුත් කරන ගෑස් සිලින්ඩරවල මිල  මෙසේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කිලෝ 2.3 සිලින්ඩරයක මිල රුපියල් 914කි.  කිලෝ 5 සිලින්ඩරයක මිල රුපියල් 1971කි . මේ අනුව රුපියල් 50ක මිල වැඩිවීමකට යටත් කර කිලෝ ග්‍රෑම්  12.5 ගෑස් සිලින්ඩරයක මිල   රුපියල් 4910ක්  ලෙස නියම කර ඇත.

 

 

 

Exit mobile version