ගෑස් පිපිරීම් නිසා බියපත් ජනතාව ගැන රජය කණගාටු වෙයි- ඉදිරි පැය 48 තුළ විසදුමක්

ගෑස් ප්‍රශ්නය පිළිබඳ හා ගෑස් නියාමනය සඳහා ආයතනයක් නොමැති වීම ගැන රජයක් ලෙස කනගාටුව පමණක් නොව, ලැජ්ජාවට ද පත්වන බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.

ජනතාව බියවී සිටින ගෑස් අර්බුදය සම්බන්ධයෙන් දැනට සිදුකෙරෙන පරීක්ෂණවලට අදාළ ආයතන, විෂය භාර අමාත්‍යාංශ මෙන්ම අදාළ සියලුම පාර්ශ්ව ජනාධිපතිවරයා විසින් කැඳවා ඒ පිළිබඳ සොයාබලා ඉදිරි පැය 48 තුළ තීරණයක් ප්‍රකාශයට පත්කරනු ඇති බවට අපේක්ෂා කරන බව හෙතෙම කීය.

අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ රැස්වීමේදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව පැවසීය.


“මේ ගෑස් ටැංකියේ පිපිරීමක් ගැන කොහෙවත් වාර්තා වෙලා නෑ. නමුත් ඒ ආශ්‍රිත පිපිරීම් ගැන වාර්තා වෙලා තියෙනවා. එහිදී සංඛ්‍යාත්මකව ඒ පිළිබඳ බැලුවහම යම් අස්වාභාවික තත්ත්වයක් තියෙනවා කියන කාරණය අපි පිළිගන්නට ඕන. දැන් ඊයේ ලසන්ත අලගියවන්න රාජ්‍ය ඇමතිතුමා දීර්ඝ පැහැදිලි කිරීමක් කළා පාර්ලිමේන්තුවට. ඒ වගේම අද පෙරවරුවේත් එතුමා එවැනි ප්‍රකාශයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

2015 ඉඳලා මේ වසර දක්වා එවැනි පිපිරීම් දෙසිය තිස් තුනක් සිදු වූ බව රාජ්‍ය අමාත්‍යවරයා ගේ පැහැදිලි කිරීමේ තිබුණා . එසේනම් වසරකට විය යුත්තේ 35ත් 40ත් අතර සංඛ්‍යාවක්. එතකොට මාසෙකට තුනක් හතරක් වැනි සංඛ්‍යාවක් විය හැකියි. නමුත් සමහර වර්ෂවල දී කිසිදු ආකාරයක මෙවැනි සිද්ධීන් වාර්තා වෙලා නෑ. එවැනි වර්ෂ තුන හතරක් තිබෙනවා. ඒ නිසයි මම කිව්වේ අස්වාභාවික භාවයක් මෙතැන තියෙනවා කියලා.

පළවෙනි කාරණය තමයි මේක අස්වාභාවික තත්ත්වයක්. දෙවෙනි කාරණය තමයි ගෑස් ටැංකි පිපිරීමක් කොහෙවත් වෙලා නෑ. තුන්වැනි කාරණය තමයි රාජ්‍ය ආයතන ඇතුළේ මේ නියාමනය කිරීම සඳහා වැඩපිළිවෙළක් නියාමන ආයතනයක් තිබිලා නෑ.

ලසන්ත අලගියවන්න රාජ්‍ය ඇමතිතුමා පැහැදිලිව කිව්වා මෙහි පීඩනය මැන බැලීම සඳහා රස පරීක්ෂකවරයාට යම් අධිකාරි මේ බලයක් තිබෙනවා. ඔවුන්ට ඒ අවබෝධය තිබෙනවා නමුත් මෙහි සංයුතිය සඳහා, මම තාක්ෂණවේදී ඉන්නේ මේ පිළිබඳ විෂය දැනුම ඇති කෙනෙක් නෙමෙයි, මේ පිළිබඳ සොයා බැලීම සඳහා එම නියාමන ආයතනයක් තිබුනෙ නෑ. ඒ නිසා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, මොරටුව විශ්ව විද්‍යාලයටත් ඒ පිළිබඳව තොරතුරු ලබාදී තිබෙනවා එම පරීක්ෂණ කටයුතු කෙරෙනවා. අද දවසේ තවත් එවැනි පිපිරීම් ආශ්‍රිතව ස්ථාන 12ක වෙච්ච සිදුවීම් පිළිබඳ පිළිබඳව අදත් ලබාදෙනවා කියන කාරණය.

මේ සියලුම පාර්ශව එකතුවෙලා ජනාධිපතිතුමත් එකට එකතු වලා මේ පිළිබඳ කඩිනමින් සොයා බැලීම සඳහා අවශ්‍ය තීරණයක් අද හෝ හෙට ප්‍රකාශයට පත් කරයි කියලා අපි අපේක්ෂා කරනවා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජනතාව තැති ගැනීමකින් බියකින් ඉන්නවා ඒ ගැන අපි කණගාටු වෙනවා. රජයක් විදියට අපට වගකීමක් තිබිය යුතුයි ඒ පිළිබඳ නියාමනයක් ආයතනයක් තිබුණේ නෑ කියලා අපිට වගකීමෙන් මිදෙන්න බෑ. ප්‍රාථමික බොළඳ ප්‍රකාශ කරනවා නෙමෙයි මේක අපේ වගකීම. මේ නියාමනයට අපි ආණ්ඩුවක් විදියට අවතීර්ණ වෙලා තියනවා මේ සිදුවීම් වෙන්න කලින් තමයි සැප්තැම්බර් මාසේ විෂය භාර අමාත්‍යවරයා ඒ පිළිබඳ දැන්වීම් පවා දාලා කටයුතු පටන් ගත්තේ. කනගාටු විතරක් නෙමේ අප ලැජ්ජාවටත් පත් වෙන්න ඕන, ප්‍රමාද වෙලා හරි මේ නියාමනය කිරීම සඳහා සඳහා වූ ක්‍රියාමාර්ග වේගවත් කිරීමට කටයුතු කිරීම සුබදායි වැඩදායි වේවි. මේ පිළිබඳ හොඳ විසඳුමක් ඉදිරිි පැය 48 ඇතුළත ලැබේවි කියලා අපි අපේක්ෂා කරනවා. “

Exit mobile version