ගෑස්, කිරි පිටි පෝලිමේ ඉන්න රජයේ සේවකයෙක් දිනක නිවාඩු ඉල්ලලා !

පවතින ගෑස් සහ කිරි පිටි හිඟය හේතුවෙන් නිර්මාණය වී ඇති පෝලිම්වල හිටගෙන සිටීම සඳහා එක්තරා රාජ්‍ය ආයතනයක නිලධාරියෙක් දිනයක නිවාඩුවක් ඉල්ලා ඇති බව වාර්තා වේ.

ඔහු තම නිවාඩු ඉල්ලුම් පතේ නිවාඩු ලබා ගැනීමට හේතුව ලෙස දක්වා ඇත්තේ ගෑස් සහ කිරි පිටි පෝලිම්වල සිටීම සඳහා ලෙස දක්වමිනි.

තවදුරටත් ගෑස් හිඟය බරපතල ලෙස පවතින අතර කිරි පිටි මිල ඉහළ නැංවුවද වැඩ මිලකට හෝ  ලබා ගැනීමට නිෂ්පාදන වෙළෙඳපොළට නොපැමිණෙන තත්ත්වයක් නිර්මාණය වී ඇත්තේ ආනයනිත කිරි පිටි වෙළෙඳපොලට නිකුත් කිරීමට   ඩොලර් හිඟය ප්‍රශ්නයක් වීම හේතුවෙනි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගෑස් අර්බුදය නාගරික මහල් නිවාස ආශ්‍රිත ජනතාවට හා ආපන ශාලා හිමියන්ට දැඩි ගැටලුවක්ව පවතින අතර මේ වනවිට ආපන ශාලා හිමියන් තම ප්‍රදේශයේ නිවාසවල ඉතිරි වී ඇති ගෑස් සිලන්ඩර ලබාගෙන ඒවා තම ආහාර නිෂ්පාදන කටයුතුවලට යොදා ගැනීමට පෙලඹී සිටියද ඒවාද මේ වනවිට අහවර වන තත්ත්වයක් නිර්මාණය වි ඇතැයි එක් ආපනශාලා හිමිකරුවෙක් ලංකාසර සමඟ පැවසීය.

Exit mobile version