ගෑස්-කිරිපිටි හිඟ එද්දී එදා විපක්ෂය කළා වගේ තුට්ටු දෙකේ වැඩ සජබය කරන්නේ නෑ – මන්ත්‍රීනි තලතා

පසුගිය ආණ්ඩුව බලයේ සිටි සමයේදී එවක විපක්ෂය (වත්මන් ආණ්ඩුව) කළාක් මෙන්, අද වගකිව යුතු විපක්ෂයක් ලෙස තුට්ටු දෙකේ වැඩ නොකරන බව සමගි ජන බලවේග මන්ත්‍රිනි තලතා අතුකෝරාළ මහත්මිය පවසයි.

ඇය සිහිපත් කළේ පසුගිය ආණ්ඩු සමයේදී ගෑස්, කිරිපිටි මිලට ගැනීමට ජනතාවට පෝලිමේ සිටින්නට සිදුවුයේ නම් වර්තමාන ආණ්ඩුවේ සිටින නායකයන් දොස්තර සාෆිගේ වඳ පෝලිමට කාන්තාවන් යැව්වාක් මෙන් කාන්තාවන් පාරේ නිදි කරනු නිසැක බව ය.

අද (11) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අතුකෝරල මහත්මිය සඳහන් කළේ වර්තමාන රජය හමුවේ ජනතාව එවැනි අසරණ තත්ත්වයකට අද පත්ව ඇති බවය.


කෙසේ වුවද පක්ෂයක් ලෙස තමන් සෞඛ්‍ය නිර්දේශවලට අනුගත වී වසංගතය මැඩපවත්වන්න දිය හැකි විපක්ෂයේ කාර්යභාරය කරන බව ඇය සඳහන් කළාය.

“ඉතා පැහැදිලියි මේ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට තිබුණු න්‍යය පත්‍රය මොකක්ද කියලා එය තමයි තමන්ට උදව් කරපු අය සිරගත වෙච්ච අයට පොදු සමාව දීලා ඒ අය එළියට දාලා 2015ට පෙර කරපු දූෂණ වංචා නොයෙකුත් විදියේ හොරකම් ගැන පනවලා තිබිච්ච නඩු කටයුතු කෙලින්ම අයින් කරලා දාන්න.

දරුවන් පැහැර ගෙන ගියැයි කියන නඩුවල මාධ්‍යවේදීන්ට පහර දුන්න අයගේ නඩුවලට නොයෙකුත් විදිහට තිබුණු නඩු කටයුතු වලින් නිදහස් කරලා දෙමාපියන්ගේ සොහොන හදපු නඩු මේ හැම එකකටම තිබිච්ච නඩු වලින් නිදහස් වෙන්න තමයි මේ ආණ්ඩුව බලයට ආවේ ඒක තමයි කාර්යභාරය වෙලා තියෙන්නෙ.

ඒ නිසා තමයි අද හැමදාම තියෙන්නෙ මේ නඩුවෙන් නිදහස් කර අර නඩුවෙන් නිදහස් කියලා මේවට තමයි හැට නව ලක්ෂයක් නොමඟ යවලා බොරු කියලා බොරු මත හදලා මේ රටේ ආගම් බෙදලා ජාති බෙදලා හැටනම ලක්ෂ ජයග්‍රහණය කරේ මේක කරගන්න එහෙම නැතුව මිනිස්සුන්ට අවශ්‍ය ගෑස් එක දෙන්න වත් දරුවන්ට අවශ්‍ය කිරි පිටි ටික දෙන්න වත් නෙමෙයි .

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සෞඛ්‍ය ඇමතිනිය ඉන්න රත්නපුර රෝහලත් පිරිලා කියන්න කණගාටුයි එතුමියට කිසිම වගකීමක් බාර දීලා නැහැ රත්නපුර දිස්ත්‍රික්කයේ තවමත් එන්නත් ප්‍රමාදයි.
ආණ්ඩුව බලයට එන්න කලින් කිව්වේ යහපාලන ආණ්ඩුව දීපුවා ආයෙත් ගන්නවා කියලා අපි දුන්නේ නැහැ නමුත් එහෙම කියපු අය වරාය නගරයත් සෙලන්දිවා හරහා වටිනා දේපල විකුණද්දී කතා කරේ නැහැ අද වියත්මග හොයා ගන්නත් නැහැ”යයිද තලතා අතුතෙකා්රළ මන්ත්‍රිවරිය පැවසුවාය.

Exit mobile version