ගැලවූ විවාහක රූ රැජණ කිරුළ යළි පුෂ්පිකාටම

ලෝක විවාහක රූ රැජණ තරගය සඳහා තෝරන ශ්‍රි ලංකා විවාහක රූ රැජණ තේරීමේ අවසන් තරගයේදී කිරුළු පළඳා යළි කිරුළ හිමි කර ගත් පුෂ්පිකා ද සිල්වාට යළිත් වතාවක් එම කිරුළ පිරිනැමීමට මෙම තරග සංවිධාකයන් තීරණය කළ බව මෙම තරගාවලියේ ජාතික සංවිධායක චන්දිමාල් ජයසිංහ මහතා පවසයි.

ඊයේ රාත්‍රියේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවති අවසන් තරගයේ දී ශ්‍රි ලංකා විවාහක රූ රැජණ තේරීමේ තරඟයේ අවසන් අවස්ථාව දැඩි උණුසුම් තත්ත්වයක් නිර්මාණය වු අතර ඊට හේතු වූයේ ලෝක විවාහක රූ රැජිණ ලෙසින් පසුගිය වාරයේ සම්මානය හිමිකර ගත් කැරොලයින් ජූරි, පුෂ්පිකා දික්කසාද වී ඇති බවට සඳහන් කරමින් එම කිරුළ ගැලවීමය.

කෙසේ වුවද චන්දිමාල් ජයසිංහ පවසන්නේ සිදුකෙරුණු සොයා බැලිම්වලදී ඇය දික්කසාද වී නොමැති බවට අනාවරණය වීම හේතුවෙන් යළිත් එම කිරුළ ඇයට ලබා දීමට තීරණය කළ බවය. මේ අතර පුෂ්පිකාද සිල්වාද අද තමන් විවාහක වන අතර දික්කාසාද වී නොමැති බවට ප්‍රකාශ කොට ඇත. ඔහු පවසන්නේ කවුරු චෝදනා කළත් ඔප්පු කිරීමට කිසිදු වාර්තාවක් නොමැති බවයි.


පසුගිය වාරයේ ලෝක විවාහක රූ රැජණ වූ කැරොලයින් ජූරි මෙම විනිශ්චය මණ්ඩලයද නියෝජනය කළ බවත් කිසිදු විටෙක ඇය පුෂ්පිකාගේ සුදුසුකම් පිළිබඳව කලින් කිසිදු චෝදනාවක් නොකොට මෙම අවසන් අවස්ථාවේ මෙවැනි ප්‍රශ්නයක් නිර්මාණය කිරීමෙන් මෙම රූ රැජණ තරගයේ කීර්තිය මෙන්ම කැරොලයින් ලබා ගත් කීර්තියටද හානි කර ගත් බවත් චන්දිමාල් ජයසිංහ පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඊයේ රාත්‍රියේ හට ගත් සිදුවීමේදී ඇයගේ කිරුළ ගැලවීම හේතුවෙන් ඇයගේ හිසට හානි වූ බව පවසමින් පුෂ්පිකා ද සිල්වා කොල්ලුපිටිය පොලිසියේ පැමිණිල්ලක් දමා රෝහල් ගත වීමට කටයුතු කර තිබුණි.

Exit mobile version