ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිසිය සහ අනෙකුත් බුද්ධි අංශ සම්බන්ධීකරණයෙන් සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන එමින් තිබූ දේශීය බහුදින ධීවර යාත්රාවක්අද (16) අළුයම අත්අඩංගුවට ගෙන තිබේ.
මේ වනවිටත් අත්අඩංගුවට ගත් යාත්‍රාව ඇත්තේ ගැඹුරු මුහුදේ බව වාර්තා වේ.
මෙම මත් කුඩු තොගය පකිස්ථානයෙන් පැමිණ ඇති බවත්, මත් කුඩු කිලෝ ග්‍රෑම් 200ක් පමණ එම යාත්‍රාව තුළ ඇතැයි සැක කරන බවත් මූලික තොරතුරුවලින් පැවසිනි.
ඊට අමතරව, දිවයිනේ දකුණු වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී සැකකරුවන් 6 දෙනෙකු ද නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.