“ගැමුණු විජේරත්න ඩීල් කාරයෙක්…“ බස් සංගම් දෙකක් වර්ජනයකට යන බව කියයි!

ගැමුණු විජේරත්න  රජය සමග එක්ව කොන්දොස්තරවරුන් විසිදහසකගේ රැකියාවන්අහිමි කීරීම සදහා  ක්‍රෙඩිට් කාඩ් පතක් හඳුන්වා දීමට කටයුතු කරමින් පවතින අතර මෙම තීන්දුව ක්‍රියාත්මක වුවහොත් බස් හිමියන් ඒකරාශි කරමින් දැවැන්ත වැඩ වර්ජනයක් ආරම්භ  කරන බවද සමස්ථ ලංකා පෞද්ගලික බස්රථ මිහියන්ගේ සංගමයේ ලේකම් රංජන් ප්‍රියන්ජිත්   සදහන කරයි.

ගැමුණු විජේරත්න ආණ්ඩුව සමග ඩීල් දමා බස්කර්මාන්තය වැනසීමට කටයුතු කරන බැවින් ප්‍රවාහන අමාත්‍යංශයේ පැවැත්වෙන සාකච්ඡාවන් සදහා තම සංගමයට ආරාධනා නොකරන බවද ඔහු සදහන් කරයි.

බස්ගාස්තු වැඩිකරනවා වෙනුවට ඩීසල් සහනාධාරයක් රජයෙන්   ඉල්ලා සිටියද ඒ සදහා රජය  යපහත් ප්‍රතිචාරයක් ‌ලබා නොදුන් අතරම බස් ගාස්තු සම්බන්ධයෙන් පැවැත්වෙන කිසිදු සාකච්ඡාවක් සදහා තම සංගමයට ආරාධනා නොකරන බවද ප්‍රියන්ජිත් මහතා පෙන්වාදේ.


ජනාවාරි මාසයේදී ඩීසල් මිල වැඩි කළහොත් නැවතත් බස් ගාස්තු වැඩිකිරිමට රජය කටයුතු කරන්නේ දැයි ඔහු ප්‍රශ්නකර සිටියි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද ප්‍රවාහන අමාත්‍යංශයේ  පැවැත්වීමට නියමිත බස්ගාස්තු සංශෝධනය සදහා වන සාකච්ඡාවට  වැඩියෙන්ම සාමාජිකය සංඛ්‍යාවක් නියෝජනය කරන බස්හිමි සංගම් දෙකක  ට ආරධනා කර නොමැති බවත් ඊට හේතුව වී ඇත්තේ බස්ගාස්තු වැඩි කිරීම වෙනුවට ඩීසල් සහනාධාරයක් ඉල්ලා සිටිම හේතුවෙන් යැයිද රංජන්  ප්‍රියන්ජිත්  පවසයි.

 

Exit mobile version