ගැබිනි මවට කොවිඩ් වැළඳුණු විට උපදින පැටියාට වෙන දේ… විශේෂඥ වෛද්‍ය නලීන් සී කිතුල්වත්ත කියන කතාව…

ගැබිනි මවට කොවිඩ් වයිරසය ආසාදනය වුවහොත්   මව්කුස තුළ දී හෝ දරුවා බිහි වූ  පසුව   දරුවාට කොවිඩ් ආසාදනය වීමේ වැඩි අවදානමක් තිබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ නලීන් කිතුල්වත්ත  සදහන් කරයි.

එසේ ආසාදිත දරුවන්   කීපදෙනෙකුම මේ වනවිට  හඳුනාගෙන ඇති  බවද ඔහු කියයි.

ගර්භනී කාලයේදී මවක් කොවිඩ් ආසාදිතයෙකු බවට පත් වුවහොත් ඇයගේ ශරීරයේ පවතින කොවිඩ් වයිරසයට එරෙහිව ඇයගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් නිපදවෙන ප්‍රතිදේහයන් වැදෑමහ හරහා බිළිඳාගේ ශරීරය   තුළට ඇතුළු වී  ශරීරයේ අභ්‍යන්තර අවයවයන් අකර්මණ්‍ය කිරීමට පටන් ගන්නා බවට තොරුතුරු අනාවරණය වෙමින් පවතින බව විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කරයි.


මෙසේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට දැඩි බලපෑම් ඇති වීමෙන් මේ වන විටත් එක් බිළිඳෙක් මිය ගොස් ඇති අතර තවත් බිළිඳෙක්  රිජ්වේ ආර්යා ළමා රෝහලේ නොමේරු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවද විශේෂඥවරයා පවසයි.

දැනට ප්‍රතිකාර ලබන බිළිඳාගේ හෘදයට මවගේ ප්‍රතිදේහයන්  දැඩි බලපෑම් එල්ල කර ඇතිබව ට තහවුරු වී ඇතැයිද ඔහු කියයි.

බිලිඳුන්ට වැළදෙන මෙම රෝගය බහු ඉන්ද්‍රිය අකර්මන්‍යතාවය (MIS – C) යනුවෙන් හඳුන්වනු ලැබේ.

මෙසේ මව්කුස තුළදී වයිරසය ආසාදනය නොවුවද ඉපදෙන අවස්ථාවේදී හෝ මව්කිරි ලබා දීමේදී මව සෞඛ්‍ය ආරක්ෂිතව කටයුතු නොකළහොත් හෝ වයිරසය දරුවාට ආසාදනය විය හැකි බව ඔහු පෙන්වාදේ.

මේ අනුව සියලුම ගර්භනී මව්වරුන් එන්නත් මාත්‍රා දෙකම  ලබා ගැනීමට හා සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් අනුව කටයුතු කිරීම ඉතාමත් වැදගත් යැයිද  වෛද්‍ය කිතුල්වත්ත පෙන්වාදේ.

තවද කොවිඩ් වයිරසය ආසාදනය වන ඇතැම් දරුවන්ට කොවිඩ් සුව වූවාට පසුවද බහුඉන්ද්‍රිය අකර්මණ්‍යතා රෝගය ඇතිවන බවත් මෙය කොවිඩ් සුව වී සති දෙකක් තුනක් අතර කාලයේදී රෝග ලක්ෂණ පිටවන බවද විශේෂඥවරයා පෙන්වාදේ.

මෙහිදී  තද බල උදරයේ වේදනාව වමනය ඇඟේ් රතු ලප මතුවීම ඇස් රතුවීම වැනි රෝග ලක්ෂණ පවතින්නේ නම් එය බහු ඉන්ද්‍රිය අකර්මණ්‍යතා රෝගය විය හැකි බැවින් වහාම රෝහල්ගත කිරීමට කටයුතු කරන්නැයිද ඔහු දෙමාපියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හැකි ඉක්මනින් රෝහල් ගත කිරීමෙන් දරුවාගේ ජිවිතය බේරා ගැනීමට හැකි වනු ඇතැයිද මෙවැනි දරුවන් 40ක් පමණ දෙනා රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර සුව ලබා ඇති බවද පැවසේ.

Exit mobile version