ගාල්ල නගරාශ්‍රිත ග්‍රාමසේවා වසම් 16ක සති දෙකක් තුළ කඩිනම් අහඹු කොවිඩ් පරීක්ෂණ

යෝනකපුර නැගෙනහිර හා යෝනකපුර බටහිර ග්‍රාමසේවා වසම් දෙක හුදකළා කෙරේ...

ලලිත් චාමින්ද –

ගාල්ල  නගරයේ  ග්‍රාම නිලධාරි වසම් 16ක සති දෙකක කාලයක් තුළදි   කඩිනමින් අහඹු ලෙස තොරාගත් පවුල් සදහා පි.සි ආර්  සහ රැපිට් ඇන්ටිජන් පරික්ෂණ සිදුකිරිමට  අද (25)  පැවති ගාල්ල දිස්ත්‍රික් කොවිඩ් කමිටුවේ දි තින්දු කළ බැව් දකුණු පළාත් ප්‍රධාන ලේකම් ආර් සි ද සොයිසා  පවසයි.

කොරෝනා වසංගත තත්වය තවදුරටත් පාලනය කිරිම සදහා  සති දෙකක කාලයක් තුළ  එකදිගට මෙම පි.සි ආර් පරික්ෂණ   සිදුකිරිමට තීන්දු කළ බව ද හෙතෙම පවසයි. සෞඛ්‍ය අංශ මගින් මේ පිළිබඳ  සැලසුම් කිරීමෙන් පසු දිනකට රැපික්ට ඇන්ටිජන් හා පි.සී ආර් පරික්ෂණ  200ක් 500ක් අතර සංඛ්‍යාවක් සිදුකිරීමට සැලසුම්කොට ඇති බවද දකුණු පළාත් ප්‍රධාන ලේකම්වරයා  සදහන් කළේය.

මිල්ලදුව, තලාපිටිය, කටුගොඩ, කළුවැල්ල, දේද්දුගොඩ දකුණ, දේද්දුගොඩ උතුර,   දංගෙදර නැගෙනහිර, මකුළුව කොන්ගහ වැලිපිටිමෝදර, මහ හපුගල නාවින්න  නුගදුව  යන ග්‍රාම නිලධාරිවසම්වල අහඹුලෙස තොරාගත් පවුල් සඳහා කඩිනමින් පි.සි.ආර් පරික්ෂණ සිදුකිරිමට නියමිතව ඇත. 


කොරෝනා ආසාදිත රෝගින් විශාල සංඛ්‍යාවක් හමුවී ඇති  මිලිද්දුව ග්‍රාම නිලධාරි වසම  ගැන  විශේෂයෙන් සොයා බලන ලෙස මෙම රැස්විමේ දි දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලිගමගේ   විසින් උපදෙස් දි ඇත. දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලිගමගේ   ප්‍රධානත්වයෙන්  ආණ්ඩුකාර කාර්යාලයේ දී  මෙම රැස්වීම පැවැත්විණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දික්වැල්ල  ප්‍රදේශයේ යෝනකපුර බටහිර සහ යෝනකපුර නැගෙනහිර යන ග්‍රාමසේවා වසම් දෙක මේ වනවිට හුදකලා කර තිබේ.

 

 

 

  

 

 

Exit mobile version