ගාල්ල කටුගොඩට සංචරණ සීමා

ලලිත් චාමින්ද

කොරෝනා වසංගත තත්වය හමුවේ ගාල්ල නාගරික බල ප්‍රදේශයට අයත් කටුගොඩ ප්‍රදේශයේ තොරාගත් ප්‍රදේශ කිහිපයක සෞඛ්‍ය බලධාරින්ගේ නිර්දේශ මත සංචරණ සිමා පැනවිමට කටයුතු කරඇති බැව් ගාල්ල වරාය පොලිසිය පවසයි.

කටුගොඩ ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත රෝගින් 14 දෙනෙකු වාර්තාවිමත් සමග එම ප්‍රදේශයේ මාර්ග බාධක 03ක් යොදා සංචාරණ සිමා පැනවිමට කටයුතුකර ඇති බැව් ගාල්ල වරාය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක දුමින්ද කුමාර මහතා පැවසිය.


ගාල්ල නාගරික බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවසම් 07ක් සදහා සංචරණ සිමා පැනවිමට තටයුතු කර තිබුණි.

ගාල්ල මහනගර සභාවේ නගරාධිපති ප්‍රියන්ත සහබන්දු මහතා සදහන් කළේ පවතින තත්වය පිළිබද සෞඛ්‍ය බලධාරින් සමග සාකච්ඡාකොට දංගෙදර සමගිවත්ත ප්‍රදේශයේ සංචරණ සිමා ලිහිල්කළ බවය.

එමෙන්ම දේදුගොඩ ප්‍රදේශයේ දමා තිබු මාර්ග බාධකයක් ඉවත් කළ බවත්,මිලිද්දුව ප්‍රදේශයේ මාර්ගය වසා තිබු ස්ථානයක් තව ඉදිරියට ගත් බවද හෙතෙම පවසයි.

දංගෙදර නැගෙනහිර ප්‍රදේශයට අයත් මොරගොඩ පාළම අසල දමා තිබු මාර්ග බාධකය වෙනස් කිරිමට ලක්කළ බවද නගරාධිපතිවරයා සදහන් කළේය.

මේ පිළිබද අදහස් දක්වමින් ගාල්ල නගරාධිපතිවරයා මෙසේද කිවේය.

“ගාල්ල නාගරික බල ප්‍රදේශයේ දැනට පනවා ඇති ග්‍රාම නිලධාරිවසම්වල සංචරණ සිමා මෙම මස 18 වැනිදින රාත්‍රි 12.00 දක්වා ක්‍රියාත්මක වෙනවා. ජනතාවය අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදි ගැනිමට යාම සදහා පැයක පමණ සහන කාලයක් ලබාදිලා තියෙනවා. දැනට මෙකි ප්‍රදේශවල මාර්ග බාධනක 14ක් පමණ පොලිසිය මගින් දමා තියෙනවා.පොලිසිය හා සෞඛ්‍ය බලධාරින් සමග සාකච්ඡාකොට එවායේ පොඩි පොඩි වෙනස්කිරිම් කළා” යැයිද නගරාධිපතිවරයා පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නොවැම්බර් මස 30 වැනිදින සිට ඊයේ (16) දින දක්වා ගාල්ල නාගරික බල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත රෝගින් 117ක් දෙනෙකු වාර්තා වි ඇත.

Exit mobile version