ගාල්ලේ නියෝජ්‍ය නගරාධිපති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාට බුරා පනී

ගාල්ලේම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හෙට උදෑසන වනතෙක් සංකේත වර්ජනයක

ලලිත් චාමින්ද

ගාල්ල මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති පවුසල් නියාස් මහතා විසින් ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය බර්ට්‍රම් ගුණවර්ධන මහතාට බැන තර්ජනය කිරිමේ සිද්ධියකට විරෝධය දක්වා අද (24) උදැසන 8.00 සිට හෙට (25) උදැසන 8.00 දක්වා ගාල්ල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍යනිලධාරින් විසින් සංකෙත වැඩ වර්ජනයක් ආරම්භකොට ඇති බැව් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ගාල්ල දිස්ත්‍රික් ශාඛාවේ ලේකම් වෛද්‍ය මංජුල ද සොයිසා මහතා පවසයි.

මෙකි වෛද්‍ය නිලධාරින් කොරෝනා රාජකාරිකටයුතු සදහා පමණක් සහභාගිවන බවත් අනිකුත් සාමන්‍ය සේවා කටයුතුවලින් අද උදැසන 8.00 සිට ඉවත් වි හෙට උදැසන 8.00 දක්වා සංකෙත වැඩවර්ජනයේ නිරතවන බවද වෛද්‍ය මංජුලද සොයිසා මහතා පවසයි.


නියෝජ්‍ය නගරාධිපතිවරයා විසින් ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට පරුෂ වචනයෙන් බැණ තර්ජනය කොට ඇති බවත් මේ සම්බන්ධයෙන් වෛද්‍ය නිලධාරිවරයා විසින් ගාල්ල පොලිසියට පැමිණිලිකොට ඇති බවද ඒ මහතා පවසයි.

නියෝජ්‍ය නගරාධිපතිවරයා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් එවන ලද චක්‍රලේඛයක් පිළිබද නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගෙන් විමසා ඇත. එම චක්‍ර ලේඛන තමන්ට නොලැබෙන බව සදහන් කළවිට නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා විසින් සදහන් කළවිට නියෝජ්‍ය නගරාධිපතිවරයා විසින් පරුෂ වචනයෙන් බැන තර්ජනය කොට ඇති බවද වෛද්‍ය මංජුල ද සොයිසා මහතා පවසයි.

මින් පසු ගාල්ල මහනගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් නගරාධිපතිවරයා පමණක් සමග රාජකාරිකටයුතු වලදි සම්බන්ධ වන බවත් නියෝජ්‍ය නගරාධිපතිවරයා සම්බන්ධ වන කිසිදු රැස්විමකට සහභාගි නොවිමට තින්දු කළ බවද ඒ මහතා සදහන් කළේය.

මේ පිළිබද දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලි ගමගේ දැනුවත් කිරිම සදහා සාකච්ඡාවක් ලබාගැනිමට කටයුතු කරන බවද වෛද්‍ය මංජුල සොයිසා මහතා පවසයි. අද (23) දහවල් පැවති ගාල්ල දිස්ත්‍රික් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ කමිටු රැස්විමේ දි මෙම තින්දුව ගත් බවද හෙතම වැඩිදුරටත් සදහන් කළේය.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් 40 දෙනෙකු අද දින සමාන්‍ය රාජකාරිකටයුතු වලින් ඉවත්ව සංකෙත වැඩවර්ජනයක නිරතව සිටිති. කොවිඩ් කටයුතු හැර සායන කටයුතු බෝවන රෝග පාලන ජලභිතිකා කටයුතු ඇතුළු සාමාන්‍ය සේවා කටයුතු වලින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් ඉවත්ව ඇත.

තමන්ට එල්ලවන චෝදනා සම්බන්දයෙන් අප ගාල්ල මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති පවුසල් නියාස් මහතාගෙන් කළ විමසුමකදි මෙසේ කිවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නාගරික වෛද්‍ය නිලධාරිතුමා මට අහම්බෙන් නගරසභාවේ කොරිඩෝව තුළදි හමුවුණා මම ගුඩ් මෝනින් කියලා කිවා වෛද්‍යවරයාත් මට ගුඩ් මොනින් කිවා. මම පි.සි.ආර් පරික්ෂණ වාර්තා ගැන ඇසුවා. ඔහු කිවා ඒවා අපිට එන්නේ නැහැ. පළාත් සෞඛ්‍යසේවා අධ්‍යක්ෂකවරයාට තමයි වාර්තා එන්නේ කියලා. ඊට පස්සේ මම කිවා එහෙනම් ඕයා පි.ඩි ළගට ගිහින් නගර සභාවෙන් දෙන දිමනා ගන්න කියලා සභාවෙන් ගන්න එන්න එපා කියලා. නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සභාව යටතේ ඉන්නේ. ඔහු සභාව සමග වගකිමට බැදිලා ඉන්නවා. ඇත්තටම මෙක අහඹු සිදුවිමක්. මහජන සෞඛ්‍ය තියෙන්නේ ගාල්ල නගර සභාවට. අපි ඒ අයට පහසුකම් සපයනවා. ගාල කඩාගෙන වගේ වැඩකරන්න බැහැ.මේකට හේතුව තමයි ඒ අයට රටේ නිතිය පිළිබද අවබෝධයක් නොමැති කම. රටේ නිතිය අනුව කටයුතු කරන ලෙස මා ඉල්ලා සිටිනවා යැයිද නියෝජ්‍ය නගරාධිපතිවරයා සදහන් කළේය.

Exit mobile version