ගාල්ල සිට මාතර බලා ධාවනය වෙමින් තිබූ පුද්ගලික බස් රථයක් අද උදෑසන ගාල්ල සමුද්‍ර මාවතේදී ලොරි රථයක ගැටීමෙන් සිදු වූ අනතුරින් බස් රථයේ රියැදුරු මියගොස්, ලොරි රථයේ රියැදුරු හා තවත් අයෙකු බරපතල තුවාල ලබා තිබේ. බස් රථය, වෙනත් රථයකට ඉස්සර කිරීමට යාමේදී මෙම අනතුර සිදු වී ඇති අතර තුවාල ලැබූවන් මේ වන විට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය පවසයි.
අනතුරවන අවස්ථාවේ දි බස්රථයේ මගින් ද සිට ඇති අතර මගින්ට අනතුරක් වි නැත. ලොරිරථය පුවත්පත් බේදාහැරිමේ කටයුතුවල සිදුකරණ ලොරිරථයක් වන අතර පුවත්පත් බෙදිමේ කටයුතු අවසන්කොට මාතර දෙස සිට ගාල්ල දෙසට ලොරිරථය ධාවනය වෙමින් තිබියදි මෙම අනතුරට ලක්ව ඇති බව පොලිසිය පවසයි.
ගාල්ල පොලිසිය මෙම අනතුර පිළිබද වැඩිදුර පරික්ෂණ පවත්වයි.