ගාල්ලෙත් පෝට් සිටියක්!- ඇමති රෝහිත සැලසුම කියයි…

කොළඹ වරාය නගරයට සමාන සංචාරක කලාපයක් ගාලු වරාය ආශ්‍රිතව ස්ථාපිත කරන බව වරාය සහ නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන  පවසයි.

ඔහු මේ බව කියා සිටියේ අද කොළඹදී  මාධ්‍යවේදීන් අමතමිනි.  පෝට් සිටිය නිර්මාණය කළා සේම වැලි යොදා මුහුද ගොඩකර හෙක්ටයාර 40ක සංචාරක කලාපයක්  ඉදිකිරීමට රජය තීරණය කර  ඇතැයි ඇමතිවරයා කීවේය.

ගාලු වරාය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කරන බවට දක්වා ඇති රජයේ ජාතික ප්‍රතිපත්තියේ කොටසක් ලෙස මෙම සංවර්ධනය සිදු කිරීමට  නියමිත බවද ඔහු පැවසුවේය.


කොළඹ වරාය නගරය සේම   පෞද්ගලික ආයෝජකයින් හරහා සංචාරක ක්ෂේත්‍රයට අදාළ සාප්පු සංකීර්ණ, හෝටල් සහ නිවාස ගාල්ල වරාය නගරයේ  ස්ථාපිත කරන බව අමාත්‍ය අබේගුණවර්ධන පැහැදිළි කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගාල්ල වරාය සංවර්ධන ව්‍යාපෘතිය සඳහා වරාය හා නාවික අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට  පසුගිය 22 දා කැබිනට් අනුමැතිය ලැබිණි.

Exit mobile version