ග්‍රෑන්ඩ්පාස් තරුණයා ඝාතනයට මුල TikTok වීඩියෝවක් නොවන බවට සැකයක්!

murder

ග්‍රෑන්ඩ්පාස්, මාදම්පිටිය පටුමග ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී  ඝාතනය කළ  17 හැවිරිදි තරණයාගේ ඝාතන සිද්ධියට හේතුව TikTok වීඩියෝවක්ම විය නොහැකි බව විමර්ශන අංශ සැක පහළ කරයි.

අද (04) පොලීසිය පැවසුවේ, TikTok වීඩියෝවක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවය.

ඝාතනයට ලක්වී තිබුණේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි . අබ්දුල් මුනාක්  නැමැති 17 හැවිරිදි  තරුණයෙකි.


දැනට වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

අබ්දුල් මුනාක් නැමැති ඝාතනය වූ තරුණයා පෑලියගොඩ කුරියර් සේවයක රැකියාව කරන සිය සොයුරාට කෑම එකක් ලබා දී  මිතුරෙක් හමුවීමට ගොස් තිබේ. එම මිතුරා මෝදර ශාන්ත අන්තෝනි විදුහලේ ඉගනුම ලැබමින් සිටි අයෙකි.  මිතුරාගේ ඇරයුම මත ඝාතනය වූ තරුණයා සිය මිතුරාත් තවත් තරුණයෙකුත් සමග පාසල් නිම වන වෙලාවට මෝදර ශාන්ත අන්තෝනි පාසල අසලට ගොස් ඇත.

එහිදී  මේ තරුණයින් සමග පිරිසක් ගැටුමක් ඇතිකරගෙන ඇති බව වාර්තා වේ.

අනතුරුව ගැටුම ඇතිකරගත් ස්ථානයෙන් නික්මී මෙම තරුණයා ඔහුගේ යහළුවන් දෙදෙනාත් සමග   මාදම්පිටිය මාර්ගයේ හේනමුල්ල රන්දිය උයන මහල් නිවාස සංකීර්ණය දෙසට යමින් සිටින විට ඔවුන් පසු පස පැමිණි හයදෙනෙකුගෙන් යුතු තරුණ කණ්ඩායමක් ඔහු පහර දී පිහියෙන් ඇන තිබේ.

ඝාතනය වූ තරුණයා නිරන්තරව TikTok වීඩියෝ නිකුත් කරන්නට පුරුදු වූ අයෙක් බවත් ඒ ගැන මතක් කර ඔහුට පහර දී පිහියෙන් ඇන ඇති නමුත් මෙම ගැටුමට TikTok වීඩියෝවක් මුල් වී ඇති බවට තවම තොරතුරු හෙළි වී නැති බවත් විමර්ශන අංශ පවසයි.

ඝාතනයට හේතුව වීඩියෝවක් ද, පාසල අසල ඇති වූ ගැටුම  ද යන්න තවම නිශ්ඡිත නැති බව වාර්තා වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඝාතනයෙන් පසු සැකකරුවන් ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකය.

 

Exit mobile version