ග්‍රාමීය සංවර්ධන වැඩට ටී.එන්.ඒ සහය කොන්දේසි නැතිව රජයට ලැබෙයි…

දිනසේන රතුගමගේ –

රජය විසින් ක්‍රියාත්ම කරණ ලද ග්‍රාමීය ආර්ථික සංවර්ධන වැඩ සටහන යටතේ කිළිනොච්චි හා යාපනය දිස්ත්‍රික්ක වල  රැස්වීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ පූර්ණ සහභාගිත්වය අද (06) ලැබී තිබුණි.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත පිහිටුවන ලද විශේෂ කමිටු හතරෙන් ග්‍රාමීය ආර්ථික සංවර්ධන කමිටුව ප්‍රථම වතාවට යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී රැස් වූ අතර ඊට යාපනය හා කිළිනොච්චිය දිස්ත්‍රික්ක වල දෙමළ ජාතික සන්ධානයේ සියලුම මන්ත්‍රීවරු සහභාගී වී සිටියහ.

යාපනය දිසාපති කාර්යාලයේ පැවති මෙම කමිටු රැස්වීමට  ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු උතුරු පළාත් ආණ්ඩුකාර පී.එම්.එස්.චර්ල්ස් යාපනය දිසාපති කනපතිපිල්ලේ මහේසන් යම මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.


රාජපක්ෂ රජයන් යටතේ උතුරේ පැවැත්වෙන සියළුම දේශපාලන රැස්වීම් දෙමළ ජාතික සන්ධානය විසින්  වර්ජනය කළ යුතු බවට ඔවුන් 2010 වසරේදී තීරණය කොට තිබූ අතර මේ වන විට ඔවුන්ගේ එම තීරණය වෙනස් වී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යාපනය හා කිළිනොච්චිය දිස්ත්‍රික්ක වල ග්‍රාමීය ආර්ථික සංවර්ධන කටයුතු සදහා වූ කමිටු රැස්වීමට සහභාගී වූ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු එම පළාත් වල සංවර්ධන කටයුතු සිදු විය යුතු ආකාරය පිළිබදවද බොහෝ යෝජනා ඉදිරිපත් කරණු ලැබීය.

Exit mobile version