ගස් බෙනයකින් මතුවූ ගිනිඅවි හා පුපුරණ ද්‍රව්‍ය තොගයක් අඩංගුවට

සටහන සේයා රූ
පුත්තලම කේ.ප්‍රියංකර කළුපහන

පුත්තලම පැරණි මන්නාරම මාර්ගයේ 4 කණුව ප්‍රදේශයේ දී ගිනි අවි පතොරම් සහ කඩු ,කිනිසි සමග සැකකරුවකු නාවික හමුදා බුද්ධි තොරතුරකින් 24 අලුයම අත් අඩංගුවට ගත් බව කියයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ මෙරට නිෂ්පාදිත ගිනි අවියක් ජීව පතොරම් තුනක් හා හිස් පතොරම් කොපු 113 ක් කඩුවක්, කිනිස්සක් හා ගිනි අවි සැකිල්ලක් ඇතුළු දෑ බව නාවික හමුදාව කියයි.


අදාල ගිනි අවි හා අනිකුත් දෑ පුත්තලම මන්නාරම මාර්ගයේ 4 කණුව ප්‍රදේශයේ පිහිටි ඉස්සන් ගොවිපලක් තුල පිහිටි දැවැන්ත පළු ගසක බෙනයක් තුල මෙම නිති විරෝධි දෑ තිබු බව නාවික හමුදා බුද්ධි අංශය කියයි.

මෙම ගිනි අවි ඇතුළු අනිකුත් දෑ සමග අත් අඩංගුවට ගත් සැකකරු අවුරුදු 49 ක අයකු බවත් කියයි.අදාල සැකකරු කුමන කටයුත්තක් සදහා මෙම ගිනි අවි සගවා තබන්නට ඇත්දැයි විමර්ශන ආරම්භ කර තිබේ.

වයඹ නාවික ආඥාපති රිය අද්මිරාල් ඩි.කේ.පී. දසනායක මහතාගේ උපදෙස් මත පුත්තලම තම්බපණ්නී නාවික හමුදා කදවුරේ අණ දෙන නිළධාරි කමාන්ඩර් ඊ.එම් .ආර් .සිල්වා මහතා ගේ මෙහෙය විමේන් නාවික හමුදා බුද්ධි අංශ සමග නාවික හමුදා විශේෂ වැටලිම් ඒකකය මගින් අත් අඩංගුවට ගෙන තිබුනී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අත් අඩංගුවට ගත් සැකකරු හා ගිනි අවි පතොරම් , ඇතුළු දෑ පුත්තලම පොලිසියට භාර දිමට කටයුතු කර තිබුනී.

Exit mobile version