ගල් අඟුරු සමාගමේ සභාපති ඉල්ලා අස්වෙයි.!

ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති   ජගත් පෙ​රේරා  ඉල්ලා අස් වී තිබේ.

ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය මීට දින දෙකකට පෙර බලශක්ති ඇමති කාංචන විජේසේරක වෙත යොමු කර ඇත.

නීත්‍යානුකූලව සහ විනිවිද භාවයකින් යුතුව ක්‍රියාත්මක කළ ගල් අඟුරු ගෙන්වීමේ ටෙන්ඩර සම්බන්ධව එල්ල වී ඇති බාහිර පාර්ශවයන්ගෙන් දිගින් දිගටම ධරුණු විවේචන සහ බලපෑම් එල්ලවීම හේතුවෙන් තමන් ඉල්ලා අස් වූ බව සභාපතිවරයා දන්වා තිබේ.

ගල් අඟුරු ගෙන්වීමේ කටයුතු දිගින් දිගටම කඩාකප්පල් කිරීමට පිරිසක් උත්සහ කරන බව සභාපතිරයා දැනුම් දී තිබේ.

මීට දින තුනකට පෙර ඉල්ලා අස්වීම ඉදිරිපත් කළ සභාපතිවරයාගේ එම ඉල්ලා අස්වීම ඇමතිවරයා විසින් පිළිගැනීමෙන් අනතුරුව ඔහු මේ කෘෂිකර්ම ක්ෂේත්‍රයට සම්බන්ධ ආයතනයක වැඩ භාරගෙන ඇතැයි වාර්තා වේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තවමත් ලංකා ගල් අඟුරු සමාගමට නව සභාපතිවරයෙක් පත් කර නැත.

Exit mobile version